×

සෞදි අරාබියේ කුමාරවරුන් සහ ධනපතියන් සොරාගත් මුදල් යළි රජයට.

මෙම අනාවරණයේ ප්‍රතිඵලයක් ලෙස ඇමරිකානු ඩොලර් බිලියන 100ට අධික වටිනාකමක් සහිත මුදල් සහ සම්පත් රාජසන්තක කිරීමට පියවර ගෙන ඇත.


සෞදි අරාබියේ ධන කුවේරයන් සහ කුමාරවරුන් පිරිසක් විසින් සිදු කරන ලද මුදල් වංචා සහ අවභාවිතයන් පිළිබදව සොයා බැලීමට ආරම්භ කරන ලද දූෂණ මර්දන වැඩ සටහනේ ප්‍රථපල මේ වන විට අනාවරණය කර ඇත.

‍2017 වසරේදී ආරම්භ කරන ලද මෙම වැඩසටහන මගින් සෞදි පාලනයට දැයක වූ මෙන්ම පාලකයන්ගේ පවුල් වල කුමාරවරුන් 100 දෙනෙකුගේ දූෂණ සහ වංචා පිළිබදවද පරීක්ෂණ සිදු කරන ලදී.

මෙම අනාවරණයේ ප්‍රතිඵලයක් ලෙස අනුව ඇමරිකානු ඩොලර් බිලියන 100ට අධික වටිනාකමක් සහිත මුදල් සහ සම්පත් රාජසන්තක කිරීමට පියවර ගෙන ඇත.

රාජ්‍ය දේපළ පරිහරණය වෙනුවෙන් චෝදනා ලැබූවන්ගෙන් 87 දෙනෙකු සිය වරද පිළිගෙන ඇති අතර එසේ පිළිනොගත් පිරිස අධිකරණය වෙත පැමිණවීමට නියම කරන ලදී. මෙවැනි දූෂණ මර්දන පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට එරට රජ කුමරු වන මෙහෝමඩ් බින් සල්මාන් විසින් 2017 වසරේදී නියම කරන ලද අතර කුමාරවරුන් 200කට වැඩි පිරිසක් අමාත්‍යවරුන්, ව්‍යාපාරිකයින් මෙම චෝදනාවන්ට ලක්වී තිබේ. ඔවුන්ගෙන් බෙහොමයක් දෙනා එරට අගනගරය වන රියාද් හී සුපිරි හෝටල් වල ඉතා සුඛොපභොගී ජීවිත ගත කළ අය වෙයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි