×

නව කොවිඩ් ප්‍රභේදය නිසා සවුදි අරාබිය ට ඇතුළු වීම තවදුරටත් තහනම්

මෙම තහනම එළඹෙන සතිය පුරාවට ක්‍රියාත්මක වීමට නියමිතය.


මේ වන විට නව කොවිඩ්-19 ප්‍රභේදයක් හට ගෙන ඇති අතර එහි ව්‍යාප්තියක් ලොව පුරා දැක ගැනීමට හැකිය.

මෙම වාතාවරණය තුළ සවුදි අරාබිය එරටට ඇතුළු වීම තවදුරටත් තහනම් කර තිබේ.

එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය අද (28) දින නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ගුවන්, ගොඩබිම් හා සාගර යන ආකාර තුනෙන්ම සවුදි අරාබිය ට ඇතුළු වීම තහනම් කරන බවයි.

මෙම තහනම එළඹෙන සතිය පුරාවට ක්‍රියාත්මක වීමට නියමිතය.

සවුදි පුරවැසියන් නොවන අයට එරටින් පිටවීම හා සුවිශේෂී අවස්ථාවන්හීදී රටට ඇතුළු වීමට ඉඩ ප්‍රස්ථාව ලබා දීම පිළිබඳව තක්සේරුවක් සිදුකරමින් පවතින බවද අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි