×

විදේශිකයින්ට මෙවර හජ් වන්දනාවට මක්කම තහනම්!

කොරෝනා වෛරසයේ බලපෑම හමුවේ මෙවර හජ් වන්දනාව අත්හිටුවනු ඇති බවට මිට පෙර මත පලවී තිබුණි.


කොරෝනා වෛරසයේ බලපෑම හමුවේ මෙවර හජ් වන්දනාව අත්හිටුවනු ඇති බවට මිට පෙර මත පලවී තිබුණි.  කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් මෙවර හජ් වන්දනාව විදේශිය වන්දනාකරුවන්ට තහනම් කිරිමට සෞදි අරාබි රජය තීරණය කර තිබේ.

කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය කිරිම සඳහා සමාජ් දුරස්ථභාවය ආරක්ෂා වන පරිදි මෙවර හජ් උත්සවය පැවැත්වීමට සිදුව තිබෙන බවයි සෞදි බලධාරීන් සඳහන් කරන්නේ.

ඒ අනුව එරට වෙසෙන සීමිත සංඛ්‍යාවකට පමණක් මෙවර හජ් වන්දනාව සඳහා අවසර හිමිවන බව එරට රාජ්‍ය මාධ්‍ය නිවේදනය කර සිටියි.

මේ අනුව එසේ අවසර හිමිවන්නේ කොපමණ සංඛ්‍යාවකට ද යන්න සම්බන්ධයෙන් එරට බලධාරීන් නිශ්චිත ප්‍රකාශයක් සිදුකර නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කර‍යි.

වාර්ෂිකව පැවැත්වෙන හජ් වන්දනාව සඳහා මක්කමට සහ මදිනාවට මිලියන 02 කට ආසන්න බැතිමතුන් පිරිසක් පැමිණීම සම්ප්‍රදාය වේ.

 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි