×

මරණ දඬුවම අභියස සටන් කරන සෞදි අරාබියේ ලාබාලතම දේශපාලන සිරකරු

මුර්ටාජා ක්වෙරේරීස් දැන් වයස අවුරුදු 18ක තරුණයෙකි. වයස අවුරුදු 10ක කුඩා දරුවෙකුව සිටියදී සෞදි රජයට විරුද්ධ වූ බවට චෝදනා එල්ල කරමින් වසර 8කට පසු ඔහුට මරණ දඩුවම ලබා දිය යුතු බවට සෞදි රජය තීරණය කරමින් සිටී.


නැගෙනහිර සෞදි අරාබියේ දූහුවිලි පිරුණූ වීදියකට කුඩා වයසේ පිරිමි දරුවන් කණ්ඩායමක් පාපැදි මත නැගී එක් රැස් වූයේ තමන් පාලනය කරන රටේ නායකයන් වෙත පණිවිඩයක් ගෙන යෑම සදහාය.

වයස අවුරුදු 10ක් වූ මුර්ටාජා ක්වෙරේරීස් 30 දෙනෙකුගේ කණ්ඩායමක් දරුවන්ගේ විරෝධතාව මොහයෙවන්නා විය. මුහුණු වසාගෙන සිටි අනෙක්සු දරුවන්පු අතරේ මුහුණ නිරාවරණය කර ගත් දරුවා ඔහු විය. සුපුරුදු ජාතික ඇදුමෙන් නිදහස් වූ ඔහු ඩෙනිම් කලිසමක් හා ටී ෂර්ටයකින් සැරසී සිටියේය.ඔවුන්ගේ මෙම සූදානම බයිසිකල් තරගයක ස්වරූපයකගත්තද එය සමාජයේ ඇස් ඇරීමේ විරෝධතාවක් විය.

තව තවත් දරුවන් ඔහු වටා රැස් විය. සිය විරෝධයේ හඩ ගන්නට මෙගාෆෝනයක් අතතැති ඔහු නිර්භය විය. ”ජනතාවගේ මානව හිමිකම් රැක දෙන්න” ඔහු සියල්ලටම ඇසෙන්නට හඩ නැගීය.

2011 වසරේ මැදපෙරදිගරටවල් තුළින් පැන නැගි අරාබි වසන්තයත් සමග සිය නායකයන්ගේ ඇස් ඇරිය යුතු යැයි සිතූ මෙම වයස අවුරුදු 10ක ක්වෙරේරිස් මෙසේ තම වයසේම දරුවන් සහ මහ මගට බසින විට නොසිතූ දෙයක් සිදු වෙමින් පැවතින‍.

පාලකයන් ට ක්වෙරේරිස් ගැන ඉව වැටිණ සෞදි අරාබි පාලනයට එරෙහිව වචනයක් හෝ පිට කිරීමට බිය වූ ජනතාවක් සිටින කලෙක ක්වේරේරිස්ගේ ක්‍රියාව අති විශාල රාජ්‍ය විරෝධී ක්‍රියාවක් ලෙස සෞදි පාලකයෝ දුටුවෝය. වසර තුනකට පසු ක්වෙරේරිස්ව අත් අඩංගුවට ගනු ලැබීය. තවමත් ක්වේරේරිස් වයස අවුරුදු 13ක දරුවෙකි. නමුත් රාජ්‍ය විරෝධී ක්‍රියාවක නියැලිනැයි ඔහුට අත් අඩංගුවට පත් වීමට සිදු විය. එවිට ඔහු සිටියේ සිය දෙමවුපියන් සමග බහරේනය බලා යමිනි.

ඔහු සවුදි අරාබියේ ලාබාලතම දේශපාලනික සිරකරු බවට පත් විය.

ඔහු අද වයස අවුරුදු 18ක තරුණයෙකි. වසර 8කට පසුව හෝ තමන්ට විරුද්ධව ජනතාවගේ අයිතිවාසිකම් සදහා ප්‍රධානත්වය ගත මේ කුඩා දරුවාට ගැලවෙන්නට සෞදි රජය ඉඩක් නොදුන්නේය. එ වසර 4ක් සිරඅඩස්සියේ තබා ගැනීමෙන්ද අතුරුවය. මුර්ටාජා ක්වෙරේරීස් ට මරණ දඩුවම ලබා දීමට මේ වන විට සෞදි අරාබි රජය විසින් තීරණය කර ඇත.

පසු ගිය අප්‍රේල් මස සෞදි රජය නිවේදනය කලේ පුද්ගලයින් 37 දෙනෙකු වෙත මරණ දණ්ඩනය නියම කළ බවයි. ඔවුන් අතරින් බොහෝමයක් එරට සුළු ජාතිය වූ ෂියාවරුන්ය.
ක්වේරේරීස් අත් අඩංගුවට ගැණුනේ ඔහුගේ සොහොයුරු අලී ක්වේරේරිස් ද සමගිනි. ඔහුද මානව හිමිකම් සම්බන්ධ ක්‍රියාකාරිකයෙකි.

සාපරාධී වරද සමබන්ධව සෞදි අරාබියේ නීති පද්ධතිය තුළ වයස් සීමාව කුමක්දැයි යන්න අපැහැදිලිය. කෙසේ වෙතත් මුරුටාජා ක්වෙරේරීස් ට මරණ දඩුවම ලැබෙන්නේ වයස අවුරුදු 10ක්ව සිටියදී ඔහු විසින් සිදු කළ වරදකටය. සෞදි රජය එකසත් ජාතීන්ගේ සංවිධානයට මේ සම්බන්ධව පවසා තිබුණේ සාපරාධී වරදක් සදහා නිසි වයස සම්පූර්ණ නොවූ දරුවන් සම්බන්ධව තමන් මරණ දඩුවම ලබා නොදෙන බවයි. නමුත් දැන් සෞදි රජයේ තීරණය වෙනස් වී ඇත.
මේ වන විට සම්බන්ධව ත්‍රස්තවාදය සමබන්ධ අධිකරණයකදී මුර්ටාජා ක්වෙරේරීස් සම්බන්ධ නඩු විභාගය පැවැත්වේ. ඔහුට එරෙහිව චෝදනාව වී ඇත්තේ අන්තවාදී ත්‍රස්ත කණ්ඩායමකට සම්බන්ධව කටයුතු කළ බවත් සිය වැඩිමල් සොහොයුරාගේ අවමගුල් පෙරහැරේදී ආරක්ෂක නිළධාරියෙකු හට වෙඩි ප්‍රහාර එල්ල කිරීම යන චෝදනාවත් ඇතුළු චෝදනා කිහිපයකි. මුරුටාජා මේ චෝදනා ප්‍රතික්ෂේප කරමින් සිටියි.

සෞදි අරාබියේ දම්මන් හී ලාබාල සිර කරුවන් රදවා තබන සිර මැදිරියක ඔහුව සිර කර තැබුණ අතර කිසිදු නීතිඥයෙකුට ඔහුව මුණ ගැහීමේ අවස්ථාව පසු ගිය වසරේ අගෝස්තු මස වන තෙක් ලබා දී නොතිබිණි.

කෙසේ වෙතත් මුර්ටාජා ක්වෙරේරීස් ට මරණ දඩුවම ලබා දීම සම්බන්ධව අවසන් නඩු තීන්දුව ලබා දෙන්නට තව ඇත්තේ

එක් නඩු වාරයක් පමණි. ඇමිනෙස්ටි ඉන්ටර්නැෂනල්, එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු මානව හිමිකම් සංවිධාන කිහිපයක්ම මේ පිළිබදව සිය අවධානය යොමු කළද මුරුටාජා ක්වෙරේරීස් ගේ හෙට දවස ගැන කිසි වෙකුටත් කිව නොහැකිය. මන්ද මින් පෙරද මරණ දඩුවම ලබා දිය යුතු බවට සෞදි රජය විසින් තීරණය කළ පුද්ගලයින් සියල්ලටම පාහේ ඉන් එහා ගාය තීරණයක් ලබා දෙන්නට එරට අධිකරණයේ සූදානමක් නොවීය. මුර්ටාජා ක්වෙරේරීස් වෙනුවෙන් මානව හිමිකම් සංවිධාන පෙළ ගැසී ඇතත් අවසානය වෙන තුරු ඔහුගේ ජීවිතය ඇත්තේ අනතුරේය. සිය රටේ ජනතාවගේ අයිතීන් වෙනුවෙන් වයස අවුරුදු 10ක්ව සිටියදී හඩ නැගූ තරුණයාට නිදහස ලැබෙන තෙක් ලෝකය බලා සිටී.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි