×

යුධමය තත්ත්වයෙන් ඉරාකය රැක ගැනීමට සෞදි අරාබියෙන් පොරොන්දුවක්

ඉරාකයේ අතීතය තුළ ජනතාව බෙහෙවින් පීඩා විඳි බවත්, ඔවුන්ගේ සෞභාග්‍යය සඳහා අවස්ථාව දැන් ලබා දිය යුතු බවත් ඔහු අවධාරණය කළේය.


ඇමරිකාව ඉරානයේ කූඩ්ස් බලකා ප්‍රධානී සොලෙයිමානි ඝාතනය කිරීමත් සමඟ දෙපාර්ශවය අතර ඇතිවූ සන්නද්ධ අරගලය දිනෙන් දින උණුසුම් වෙමින් පවතී.

මෙය තෙවන ලෝක යුද්ධයකට මුල පුරනු ඇති බව ඇතැමුන්ගේ මතයයි.

මන්ද මෙය යුධමය තත්ත්වයක් බවට හැරී ඇති බව දැන් පෙනී යයි.

මෙයින් පීඩා විඳින එක් රාජ්‍යයක් වනුයේ ඉරාකයයි.

සොලෙයිමානි ඝාතනයට ලක්කරනු ලැබුවේ ඉරාකයේ ගුවන්තොටුපලකදී වන අතර, ඉරානය විසින් පසුගිය දින දරුණු මිසයිල ප්‍රහාරයක් එල්ල කරනු ලැබුවේද ඉරාකයේ ස්ථාපිත ඇමරිකානු හමුදා කඳවුරකටයි.

ඒ අනුව දරුණු යුධමය තත්ත්වයකට මැදීවී පීඩා විඳින රාජ්‍යයක් බවට ඉරාකය පත්ව තිබේ.

ඉරාකය පත්ව ඇති තත්ත්වය පිළිබඳ ඇමරිකානු හිතවාදී සෞදි අරාබිය ප්‍රකාශයක් මේ වන විට නිකුත් කොට තිබේ.

ඒ අනුව සෞදි ඔටුන්න හිමි කුමරු ක්හලිඩ් බින් සල්මාන් කුමරා ප්‍රකාශ කර සිටියේ බාහිර පාර්ශවයන්ගේ යුධමය තත්ත්වයට මැදිවූ ඉරාකය ආරක්ෂා කර ගැනීමට සිය උපරිම දායකත්වය දක්වන බවයි.

ක්හලිඩ් බින් සල්මාන් එරට ආරක්ෂක උප අමාත්‍ය ද වේ.

ඉරාකය තම සහෝදර රාජ්‍යයක් බවත්, මතුව ඇති තත්ත්වය හමුවේ සිය උපරිම රාජ්‍ය බලය යොදාගනිමින් ඉරාකය ආරක්ෂා කර ගනු ඇති බව හෙතෙම සඳහන් කළේය.

ඉරාකයේ අතීතය තුළ ජනතාව බෙහෙවින් පීඩා විඳි බවත්, ඔවුන්ගේ සෞභාග්‍යය සඳහා අවස්ථාව ලබා දිය යුතු බවත් ඔහු අවධාරණය කළේය.

ඔහු මේ බව පවසා සිටියේ පසුගිය බදාදා (08) දින ට්විටර් පණිවුඩයක් නිකුත් කරමිනි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි