×

ඉරානය ගැන වගබලා නොගත්තොත් ලෝකයේ තෙල් මිල අදහා ගත නොහැකි ලෙස ඉහළ යාවි – සෞදි කුමරු සල්මාන් කියයි

'


සවුදි අරාබිය සහ ඉරානය අතර යුද්ධය ගෝලීය ආර්ථිකයේ ප්‍රධානතම තීරකයා වනු ඇති බවට සෞදි අරාබියේ කුමරු මොහාමඩ් බින් සල්මාන් ප්‍රකාශයක් නිකුත් කරයි. ඔහු පවසන්නේ ජාත්‍යන්තරය ඉරානයේ ක්‍රියා මැඩපවත්වන්නට කටයුතු නොකලහෙහාත් ඉදිරියේදී ලෝක තෙල් මිල සිත් අදහාගත නොහැකි තරමට ඉහළ යනු ඇති බවයි.

CBS ප්‍රවෘත්ති සේවයට සිය අදහස් එසේ දැක්වූ සල්මාන් කුමරු පවසන්නේ පසුගියදා සෞදි අරාබියේ ප්‍රධාන ඉන්ධන මධ්‍යස්ථාන දෙකට එල්ල කළ ප්‍රහාර වල වගකීම ඉරානය විසින් ප්‍රතික්ෂේප කලද ඉරානය සෞදි අරාබියට බලපෑම් ඉටු කරමින් සිටින බවයි.

ඔහු පවසන්නේ ඉරානයේ හැසිරීමට ලෝක ප්‍රජාවේ ප්‍රතිචාරය ලෝකයේ ඉන්ධන මිල තීරණය කිරමට මෙන්ම ඉන්ධන සැපයුම පිළිබදවද තත්ත්වයන් තීරණය කරනු ඇති බවයි.

ලෝක ඉන්ධන සැපයුමෙන් 30%ක් මැද පෙරදිග කලාපයේ රාජ්‍යයන් විසින් සිදු කරනු ලබයි. එය ගෝලීය වෙළදපල කොටසින් සියයට 20%කි. ලෝක දළ දේශීය නිෂ්පාදිතයෙන් 4%කි. මේ අනුව ලෝකයට මැද පෙරදිග තෙල් සැපයුම හිටිහැටියේ නතර වුවහොත් ගෝලීය ආර්ථිකය බිද වැටෙනු ඇති බව ඔහු පවසයි.

ඇමරිකා එක්සත් ජනපදයේ සතුරු රාජ්‍ය්‍යක් වන ඉරානය සෞදි අරාබියේ කලාපීය ප්‍රතිවාදියාය. ඇමරිකා එක්සත් ජනපදය හා ඉරානය අතර අර්බුද මේ වන විට උද්සන්න වෙමින් පවතී. ඒත් සමග ඇමරිකාව පවසන්නේ සෞදි අරාබියේ ඉන්ධන සැපයුම් මධ්‍යස්ථාන වලට ප්‍රහාර එල්ල කරන්නට ඇත්තේ ඉරානය බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි