එම ලාභය වසරින් වසර (Y-o-Y) සියයට 90 ක ඉහළ යාමක් වන අතර, එය එම සමාගම විසින් ම මීට වසර තුනකට ඉහත ලැබූ වාර්තාගත ලාභය බිඳ දැමීමක් බව සඳහන්.
ඕනෑම ලැයිස්තුගත සමාගමක විශාලතම කාර්තුමය ගැලපුම් ලාභය මෙවර උපයා තිබෙන්නේ සවුදි අරම්කෝ සමාගම විසින් බවට බ්ලූම්බර්ග් වාර්තා කරයි.
මෙකී වාර්තාගත ලාභයට අමතරව, මෙම වසරේ තුන්වන කාර්තුව සඳහා එහි ලාභාංශය ඇමරිකානු ඩොලර් බිලියන 18.8 ක නොවෙනස්ව පවත්වා ගන්නා බව ද එම සමාගම නිවේදනය කර තිබේ.
එමෙන්ම, ඉල්ලුමට සරිලන පරිදි සැපයුම පුළුල් කිරීමට ද කටයුතු කරන බව සවුදි අරම්කෝ සමාගම වැඩිදුරටත් සඳහන් කර තිබේ.
සවුදි අරම්කෝ සමාගමේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී අමින් නසර් ප්‍රකාශ කර සිටියේ, ගෝලීය වෙළඳපොල අස්ථාවරත්වය සහ ආර්ථික අවිනිශ්චිතතාවය හමුවේ මෙම වසරේ මුල් භාගයේ හටගත් සිදුවීම් නිසා “වෙළඳපොල සැපයුම් ශක්තිමත් කිරීම” සහ “විධිමත් බලශක්ති සංක්‍රමණයකට පහසුකම් සැලසීමට” තම කර්මාන්තයේ අඛණ්ඩ ආයෝජන අවශ්‍ය වූ බව පෙනී යන බවයි.
ලොව තවත් විශාල බලශක්ති දායකයකු වන රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමත් සමඟ ගෝලීය වෙළඳපොල තුළ තෙල් සහ ගෑස් මිළ අහස උසට නැඟ ගොස් තිබූ අතර, මෙමඟින් රුසියාවේ බලශක්ති ප්‍රභව සඳහා බටහිර රාජ්‍යවල ඇති ඉල්ලුම පහත වැටිණි.
එමෙන්ම, කොවිඩ්-19 වසංගතයෙන් ආර්ථිකය යථා තත්ත්වයට පත්වීමට පටන්ගෙන තිබූ මොහොතක බලශක්ති ඉල්ලුම සැපයුම ඉක්මවා යමින් තිබියදී මෙම රුසියානු – යුක්රේන යුද්ධය නිසා තෙල් මිල ඉහළ යාම සිදුවිය.
සවුදි අරම්කෝ යනු සවුදි අරාබියේ රාජ්‍ය තෙල් සමාගම වන අතර, එය ඔපෙක් (OPEC) සංවිධානයේ විශාලතම බලශක්ති දායක සාමාජිකයා ය.
ඡායාරූප: ෂටර්ස්ටොක්