×

සවුදි ප්‍රහාරක යානයක් යේමනයේදී කඩා වැටෙයි.

යේමනයේ සවුදි ප්‍රමුඛ සන්ධාන සටනට අයත් යුධ ගුවන් යානයක් යේමනයේ උතුරු පළාතේ අල්-ජව්ෆ්හිදී කඩා වැටී තිබේ.


යේමනයේ සවුදි ප්‍රමුඛ සන්ධාන සටනට අයත් යුධ ගුවන් යානයක් යේමනයේ උතුරු පළාතේ අල්-ජව්ෆ්හිදී කඩා වැටී තිබේ.

සවුදි අරාබියේ රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය වන එස්පීඒ පුවත්පතට අනුව යේමනයේ හමුදා ඒකක අසල ආධාරක මෙහෙයුමක් දියත් කරමින් සිටියදී මෙම සවුදි ටෝනාඩෝ ප්‍රහාරක ජෙට් යානය කඩා වැටී ඇති බව ප්‍රකාශකයෙක් තහවුරු කර ඇත.

යේමනයේ හූති කැරලිකරුවන් පැවසුවේ සිකුරාදා රාත්‍රියේ ඔවුන් යානයට වෙඩි තැබූ බවයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය පැවසුවේ සෙනසුරාදා අල්-ජව්ෆ්හි සෞදි ගුවන් ප්‍රහාරවලින් සිවිල් වැසියන් 31 දෙනෙකු මිය ගිය බවයි. යේමනයේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක කාර්යාලයෙන් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ගුවන් ප්‍රහාරවලින් අවම වශයෙන් තවත් 12 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.

සවුදි ප්‍රමුඛ සන්ධානය 2015 සිට යේමනයේ කැරලිකාර හූති ව්‍යාපාරය සමඟ පොරබදමින් සිටී. හූතිවරු සානා අගනුවර ජාත්‍යන්තර වශයෙන් පිළිගත් රජය බලයෙන් නෙරපා දැමීමෙන් පසුව එය ඇරඹී ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි