×

මක්කම පිළිබද රැප් ගායනයක් ඉදිරිපත් කළ සෞදි ගායිකාවක් අත්අඩංගුවට ගැනීමට නියෝග

ශුද්ධ වූ නගරයේ කාන්තාවන්ගේ “බලවත් හා ලස්සන” පිලිබදව පැවසෙන මක්කා ගර්ල් නම් ගීතය සඳහා මියුසික් වීඩියෝවක් නිකුත් කළ කාන්තා රැප් ගායකයෙකු අත්අඩංගුවට ගන්නා ලෙස සෞදි බලධාරීන් ඉල්ලා තිබේ.


 

ශුද්ධ වූ නගරයේ කාන්තාවන්ගේ “බලවත් හා ලස්සන” පිලිබදව පැවසෙන මක්කා ගර්ල් නම් ගීතය සඳහා මියුසික් වීඩියෝවක් නිකුත් කළ කාන්තා රැප් ගායකයෙකු අත්අඩංගුවට ගන්නා ලෙස සෞදි බලධාරීන් ඉල්ලා තිබේ.

සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් මෙම තීරණය පිලිබදව කෝපයෙන් ප්‍රතිචාර දැක්වූ අතර බලධාරීන් “කුහක” යැයි පවසා ඇත.

2018 දී රටේ ඔටුන්න හිමි කුමරු ප්‍රතිසංස්කරණ වැඩසටහනක් ආරම්භ කර ඇත. එහෙත් ක්‍රියාකාරීන් පවසන්නේ මර්දනය වැඩි වී ඇති අතර අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට එරෙහි මර්ධනයක් පවතින බවයි.

මෙම වීඩියෝව පසුගිය සතියේ යූ ටියුබ් වෙත මුදා හරිනු ලැබුවේ තමා අසයිල් ස්ලේ ලෙස හඳුන්වන රැප් ගයිකාවක් විසිනි.

ඇය වාර්ෂිකව මිලියන සංඛ්‍යාත මුස්ලිම්වරුන් හජ් හෝ වන්දනා චාරිකා සඳහා යන ඉස්ලාමයේ ශුද්ධම ස්ථානය වන මක්කම නගරයේ කාන්තාවන් ගැන තම ගීතයේදී කතා කරයි.

“Our respect to other girls but the Mecca girl is sugar candy” ඇය වීඩියෝවේ ගායනා කරන අතර පිරිමි සහ ගැහැණු ආපන ශාලාවක නටති.

එය සමාජ මාධ්‍යවල පුළුල් ලෙස හුවමාරු වූ අතර මිනිසුන් එය ප්‍රශංසා කිරීම සඳහා #Mecca_Girl_Represent_Me නම් හැෂ් ටැගය භාවිතා කළහ.

අසයෙල් ස්ලේගේ ගිණුම අත්හිටුවා ඇති අතර වීඩියෝව යූ ටියුබ් හි තවදුරටත් නොමැත.

එක් ජනප්‍රිය ට්වීට් එකක කියැවුණේ, “එක අසභ්‍ය වචනයක්, අපහාසයක්, කාමුක දර්ශන, නිරුවත නොමැති හෂිෂ් හෝ දුම් පානය නොකරන එකම රැප් ගීතය මෙය වන අතර රැපර් හිජාබ් පවා පැළඳ සිටී.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි