×

සවුදි විදේශ කටයුතු රාජ්‍ය ඇමති ඉරානයේ ක්‍රියාකලාපය පිළිබඳ අප්‍රසාදය පළකරයි

"ඉරානය සිදු කරන මෙවන් පහත් ක්‍රියා වලට එරෙහිව ජාත්‍යන්තර ප්‍රජාව වහා ක්‍රියා කළ යුතුයි," සවුදි විදේශ කටයුතු රාජ්‍ය ඇමති පවසයි.


සවුදි අරාබි විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අදෙල් අල්ජුබිර් ඉරානයේ මෑත කාලීන ක්‍රියා කලාපය පිළිබඳ තම අප්‍රසාදය පළකර තිබේ.

පසුගිය ඉරු දින (21) ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මෑතකදී ඉරානය බ්‍රිතාන්‍ය ධජය සහිත ටැංකර් යාත්‍රාවක් හෝමුස් සමුද්‍ර සන්ධියේදී අත්අඩංගුවට ගැනීම පිළිබඳ අදහස් දක්වමින් සවුදි රාජ්‍ය අමාත්‍ය අල්ජුබිර් ප්‍රකාශ කර සිටියේ, යාත්‍රා කිරීමේ නිදහසට එරෙහිව එල්ල කරන ඕනෑම ප්‍රහාරයක් ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක් බවය.

එවන් පහත් ක්‍රියා වලට එරෙහිව වහා ක්‍රියාත්මක වන ලෙස ඔහු ජාත්‍යන්තර ප්‍රජාවට බල කර සිටියි.

“මෑතදී අත්අඩංගුවට ගත් බ්‍රිතාන්‍ය නෞකාව ඇතුළු නැව් වලට බාධා කිරීමේ ක්‍රියාවන් සම්පූර්ණයෙන්ම පිළිගත නොහැකි බව ඉරානය වටහා ගත යුතුය. එවැනි හැසිරීම් වලක්වා ගැනීමට ජාත්‍යන්තර ප්‍රජාව පියවර ගත යුතුය,” ඔහු සඳහන් කර සිටියේය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි