×

යෙමනයේ බල අරගලය නතර කිරීමට සෞදිය හා ඕමානය අතර සාකච්ඡා

යෙමනයේ දකුණු කලාපයේ බල අරගලය නතර කිරීම සඳහා දෙරට අතර සාකච්ඡා පැවැත්වී ඇත.


සෞදි අරාබියේ ආරක්ෂක උප ඇමති පසුගිය සඳු (11) දින ඕමානයේ සංචාරයක නිරත වී ඇති අතර එරට පාලක සුල්තාන් කබූස් හමුවී ඇත. 

එහිදී යෙමනයේ දකුණු කලාපයේ බල අරගලය අවසන් කිරීම පිළිබද දෙරට අතර සාකච්ඡා සිදුවී ඇත.  

සෞදි ආරක්ෂක අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයකට අනුව එරට රජුගේ පුත් කාලිඩ් බින් සල්මාන් කුමරු ඕමාන නිලධාරීන් කිහිප දෙනෙකුම හමුවී ද්විපාර්ශ්වික සබඳතා මෙන්ම කලාපීය ආරක්ෂාව සහ ස්ථාවරත්වය පිළිබඳව සාකච්ඡා සිදු කරනු ලබයි. කෙසේවෙතත්, එම නිවේදනය තුළ යෙමනය පිළිබඳ සඳහනක් දක්වා නැත. 

යෙමනයේ පාලන බලය නතු කර ගෙන සිටින හවුති දේශපාලන ව්‍යාපාරයට එරෙහිව සෞදි රජය එරට ජාත්‍යන්තර වශයෙන් පිළිගත් රජයට සහය පළකරනු ලබයි. 

ඉරාන පිටුබලය ලැබෙන්නේ යැයි පැවසෙන මෙකී යවුති ව්‍යාපාරය පසුගිය සැප්තැම්බර් මස සෞදි අරාබියේ තෙල් කම්හල් වලට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයේ වගකීමද ස්වේච්ඡාවෙන් භාරගෙන තිබිණි.මෙම ගැටුම අරඹයා ඕමානය බොහෝදුරට මධ්‍යස්තව කටයුතු කරන බව පැවසුනද, ගැටුම් නිරාකරණය කර ගැනීම සඳහා සාකච්ඡා පැවැත්වීමට උත්සුක බවද වාර්තා වේ. මේ සඳහා ඕමානය හවුතිවරුන් හා ඉරානය සමඟ මීට පෙර පැවති හොඳ සබඳතා භාවිතා කිරීමට පෙළඹෙනු ඇති බවට ද සඳහන්. 

සෞදි කිරුළ හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු විසින් සෞදි පිටුබලය ලබන රජය සහ දකුණු බෙදුම්වාදීන් අතර පසුගිය සතියේ අත්සන් කරන ලද ගිවිසුම බහුවිධ ගැටුම් නිරාකරණය කිරීම සඳහා ලබා දෙන පුළුල් දේශපාලන විසඳුමක් ලෙස සලකනු ලැබීය.  



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි