×

දරුවන් විසිදහසකට අධික සංඛ්‍යාවක් ගාසා තීරයේදී අතුරුදන්!

මෙම සංඛ්‍යාව නොසිතු ප්‍රමාණයකින් ඉහළ යාමේ හැකියාව පවතින බවට ද බ්‍රිතාන්‍යයේ Save the Children International අනතුරු අගවයි.


සටහන – රෂිකා හෙන්නායක ජුනි 25 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

ගාසා තීරයේ දරුවන් විසිදහසකට අධික සංඛ්‍යාවක් අතුරුදන් වී ඇති බව Save the Children International නිවේදනය කරයි.

බ්‍රිතාන්‍යයේ Save the Children International පෙන්වා දෙන්නේ, ගාසා තීරයේ කුඩා දරුවන් 21000කට ආසන්න සංඛ්‍යාවක් ජිවිතක්ෂයට පත්වීම,  අත්අඩංගුවට පත්ව සිටිම හෝ අතරමන් වීමට ලක්ව සිටින බවයි.

එමෙන්ම තවත් පිරිසක් ඊශ්‍රායල ප්‍රහාරයන්ගෙන් විනාශ වු ගොඩනැගිලිවල සුන්බුන් තුළ සිරව සිටින බවටයි එම සංවිධානය සැක පළ කරන්නේ.

ඔවුන් සම්බන්ධයෙන් නිවැරදි දත්ත රැස්කිරීම මෙම අර්බුදකාරී තත්ත්වය හමුවේ සිදුකළ නොහැකි බව ද එම සංවිධානය පෙන්වා දෙනවා.

මෙම සංඛ්‍යාව නොසිතු ප්‍රමාණයකින් ඉහළ යාමේ හැකියාව පවතින බවට ද බ්‍රිතාන්‍යයේ Save the Children International අනතුරු අගවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි