×

Amazon Alexa උපාංග නිපදවීමට නීති විරෝධී ලෙස සිය ගණනක් චීන දරුවන් යොදා ගෙන

,


නිෂ්පාදන ඉලක්ක සපුරා ගැනීමේ උපක්‍රමයක් ලෙස වයස අවුරුදු 16ට අඩු දරුවන් රාත්‍රී සේවයේ යොදා ගනිමින් Amazon Alexa උපාංග නිෂ්පාදනය කිරීම පිළිබදව කරුණු අනාවරණය වී ඇත.

ඇමසන් භාණ්ඩ සම්පාදනයෙකු වන ෆොක්ස්කෝන් ආයතනය වෙතුනි අනාවරණය වූ ලියකියවිලි වලට අනුව මෙසේ චීන දරුවන් සිය ගනණක් රාත්‍රී වැඩ මුර සහ අතිකාල සේවයේ යොදවා ඇත. චීනයේ ඇතැම් තාක්ෂණික විද්‍යාල සහ සාමාන්‍ය පාසැල් වලින් මෙම දරුවන් යොදාගෙන අති බවයි. දරුවන් මේ සදහා පෙළඹවීම වෙනුවෙන් අදාල පාසැල් හී ගුරුවරුන්ට දීමනාවක් ලබා දී ඇති බවටද මෙම ලිය කියවිලි වල අදාල තොරතුරු විසින් අනාවරණය කරයි.
චීන නීතියට අනුව වයස අවුරුදු 16ට අඩු දරුවන් සේවයෙහි යොදවීමට අවසර නැතිව තිබියදී මෙසේ පැසැල් දරුවන් සුප්‍රකට ආයතනයක් තුළ යොදා ගැනීම සම්බන්ධව මේ වන විට විවාදයක් ඇති වී තිබේ.

Foxconn යනු ඇපල් ආයතනය සදහා iPhones දුරකථන නිෂ්පාදනය කරන බහුජාතික සමාගමකි. මෙම සමාගම විසින් මෙසේ දරුවන් සේවයෙහි යෙදවීම හදුන්වා ඇත්තේ සිසුන්ගේ අධ්‍යාපන කටයුතු සදහා ප්‍රායෝගික පුහුණුව වෙනුවෙන් අවස්ථාව ලබා දීමක් ලෙසිනි.
මේ සම්බන්ධයෙන් ඇමසන් හිමිකරු ජෙෆ් බෙසෝස් වෙනුවෙන් එහි ප්‍රකාශකයෙකු වසන්නේ තමන්ගේ සැපයුම් කරුවෙකු මෙසේ ආචාරධර්ම වලට එරෙහිව කටයුතු කිරීම සාධාරණීය කරණය කිරීමට තමන් සූදානම් නැති බවයි.දරුවන් නීතිවිරෝධී ලෙස යොදා ගෙන ඇති පවට කරුණු තහවුරු වුවහොත් ඊට අදාල පියවර ගන්නට තම ආයතනය සූදානම් බවද ඔහු පවසා සිටියි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි