×

සාගර ජීවය රැක ගැනීමට Glitter (දිලිසෙන කුඩු) සහමුලින්ම ලෝකයෙන් තුරන් කළ යුතු බවට යෝජනාවක්!

සාගරයේ පාවෙන ප්ලාස්ටික් කොටස් ට්‍රිලියන 5.25 න් සියයට 92.4 %ක් මෙම ක්ෂුද්‍ර ප්ලාස්ටික් වලින් සමන්විත වේ.


Glitter නැත්නම් දිලිසෙන කුඩු වර්ථමානය වන විට ලෝකයට නැතිවම බැරි දෙයක් වී ඇත. ඇගළුම් කර්මාන්තය මෙන්ම අන් බෙහෝ කලා කටුයුතු වලදී බහුල ලෙස භාවිත කරන Glitter දිලිසෙන තරමටම එහි අඳුරු පැතිකඩක්ද වේ.

නොදිරණ මෙම ඉතා කුඩා ද්‍රව්‍ය ජලයට එක්වීමෙන් පරිසරයට සිදුවන හානිය අතිමහත් විනාශයක් ගෙන දෙන බව පවසන ප්‍රධාන පෙලේ විද්‍යාඥයින් පිරිසක් යෝජනා කරන්නේ සමස්ථ ලෝකයම Glitter භාවිතයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් විය යුතු බවයි.

ඉතා කුඩා Glitter කොටස් හේතුවෙන් අද වන විට සාගර ජීවයට දැඩි බලපෑමක් සිදුව ඇති බව පැවසේ. සාගර ජීවීන් සිය ආහාර ලෙස මෙම Glitter කොටස් වලට රැවටී ඒවා ආහාරයට ගැනීමෙන් අධික ප්‍රමාණයක් ලෝකයට අකාලයේ අහිමිව යති. මේ සෑම Glitter අංශුවක්ම දිරා පත්වීමට වසර දස දහස් ගණනක් ගත වන බව විද්‍යාඥයින්ගේ මතයයි.

නවසිලන්තයේ මැසේ විශ්වවිද්‍යාලයේ ආචාර්ය ට්‍රිෂියා ෆාර්ලි පවසන්නේ කුෂ්ද්‍ර ප්ලාස්ටික් ගණයට අයත් මෙම ග්ලිටර් සම්පූර්ණයෙන්ම තහනම් කළ යුතු බවයි. ප්‍රතිචක්‍රීකරණයක කළ නොහැකි එක් වතාවක් පමණක් භාවිත කළ හැකි පොලිතින් හා ප්ලාස්ටික් නිෂ්පාදනය කොතරම් ලාභදායි වුවද සිදු නොකළ යුත්තක් බවද ඇය පවසයි.

සාමාන්යයෙන්, ඒවා ප්ලාස්ටික් තට්ටුවක්, තුනී වර්ණ තට්ටුවක් සහ පරාවර්තක තට්ටුවකින් සමන්විත වේ. බොහෝ විට එය ඇලුමිනියම් වලින් සාදා ඇත. ඉන් පසු තුනී ලෙස සකසා කුඩා කුඩා කොටස් වලට ඒවා කපා වෙන් කර ඇත. කලා කටයුතු වැනි දෑ සඳහා නිවසසේදී Glitter භාවිත කළ පසුද ඒවා ඉවත් කිරීම කෙතරම් දුෂ්කරද ? ඉතින් එමගින් සාගරයට වන හානිය සිතා ගැනීමටවත් නොහැකියි. ආචාර්යවරිය එසේ පවසයි.

මෙසේ විද්‍යාඥයින් විසින් Glitter තහනම් කළ යුතු බවට චෝදනා කරන්නේ ඒවා පොලිඑතිලීන් ටෙරෆ්තලේට් නමින් හදුන්වන පොලිමර් (PET) වලින් සෑදී  තිබීම සහ සුළග මඟින් හෝ ජලය මගින් ගොඩබිම සිට ඒවා සාගරයට ඇතුල් වීමත් යන කරුණු මුල් කර ගනිමිනි.

සාගරයේ පාවෙන ප්ලාස්ටික් කොටස් ට්‍රිලියන 5.25 න් සියයට 92.4 %ක් මෙම ක්ෂුද්‍ර ප්ලාස්ටික් වලින් සමන්විත වේ. මෙම කුඩා අංශු වලට රසායනික ද්‍රව්‍ය හා දූෂක අවශෝෂණය කර ඒවා වඩාත් විෂ සහිත වේ.

වෙනත් ක්ෂුද්‍ර ප්ලාස්ටික් මෙන්, ඒවා මාළු විසින් අනුභව කරනු ලබන ප්ලවාංග (plankton) විසින් පරිභෝජනය කළ හැකිය එයින් අදහස් වන්නේ ඒවා ආහාර දාමයට ඇතුළු වන අතර මිනිසාගේ රාත්‍රී කෑම පිඟානට ද නැවත පැමිණිය හැකි බවයි.

නළ ජලයේද ඉතා භයානක මට්ටම්වල ක්ෂුද්‍ර ප්ලාස්ටික් දූෂණය ද සොයාගෙන ඇත.

The top 10 rivers - eight of which are in Asia - accounted for so much plastic because of the mismanagement of waste

නවතම පර්යේෂණයන්ට අනුව, ලෝකයේ සාගර දූෂණය කරන ප්ලාස්ටික් වලින් සියයට 95 ක් පමණ සාගරයට එක්කරන්නට ගංගා දහයකින් ගලා එන ජලයට හැකිය. මෙම ගංගා 10න් 8ක්ම ආසියානු කලාපයට අයත් ගංගා වේ . ඊට අයත් රාජ්‍ය්‍යන් විසින් සිදු කරන වැරදි අපද්‍රව්‍ය කලමනාකරණය හේතුවෙන් මෙවැනි තත්ත්වයක් උදා වී ඇත.

විශේෂයෙන්ම යැංසි කියැං ගංගාව ට එක්වන අපද්‍රව්‍ය නිසි ලෙස කළමනා කරණයෙන් මෙම තත්ත්වය අවම කර ගත හැකි බව යෝජනා වේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි