×

ඇමරිකාවට එරෙහෙිව චීනය,රුසියාව ඇතුළු ෂැංග්හයි සාමාජිකයන් වෙළද ගනුදෙනු වලදී ඩොලරය අත්හරින්නට ගිවිස ගනී

අද මොස්කව්හි පැවැත්වෙන SCO සමුළුවට චීනය, ඉන්දියාව, රුසියාව, පාකිස්තානය, කිර්ගිස්තානය, රුසියාව, ටජිකිස්තානය සහ උස්බෙකිස්තානය යන රටවල නියෝජිතයින් සහභාගී වනු ඇත.


චීනය, රුසියාව සහ පාකිස්තානය ඇතුළු ෂැංග්හයි සහයෝගිතා සංවිධානයේ (SCO) සාමාජික රටවල් අට, එක්සත් ජනපද ඩොලර් වෙනුවට ද්විපාර්ශ්වික වෙළඳාම,ආයෝජන සිදු කිරීම සහ බැඳුම්කර නිකුත් කිරීමේ කටයුතු සඳහා දේශීය සහ ජාතික මුදල් භාවිතා කරන බවට මූලික ප්‍රතිපත්තිමය තීරණයකට එළැඹ තිබේ.

අද මොස්කවුහීදී සංවිධානයට අයත් රටවල මුදල් ඇමතිවරුන් අතර පැවති හමුවේදී මේ සම්බන්ධ අවසන් තීරණය ගනු ඇත.

ෂැංග්හයි සහයෝගිතා සංවිධානයේ වත්මන් සභාපතිත්වය දරන රුසියාව සමාජික රටවල් අතර වෙළදාම සහ ආයෝජනයන් මෙලෙස දේශීය මුදල් භාවිතයෙන් සිදු කිරීම සම්බන්ධව යෝජනා විමසන ලදී, සාමාජික රටවල් විසින් ඊට ප්‍රතිචාර ලෙස ලබා දුන් යෝජනා පිළිබද විස්තරාත්මකව සැළකිල්ලට ගැනීමෙන් අනතුරුව ැංග්හයි සාමාජිකත්වය දරණ රටවල් වල මූළ්‍ය කටුයුතු වෙනුවෙන් මෙසේ දේශීය මුදල් භාවිතා කිරීම සම්බන්ධ අන්‍යෝන්‍ය අවබෝධාත්මක ක්‍රමවේදයක් හඳුන්වා දෙනු ඇති.

ඒ් අනුව අද මොස්කව්හි පැවැත්වෙන SCO සමුළුවට චීනය, ඉන්දියාව, රුසියාව, පාකිස්තානය, කිර්ගිස්තානය, රුසියාව, ටජිකිස්තානය සහ උස්බෙකිස්තානය යන රටවල නියෝජිතයින් සහභාගී වනු ඇත.

ඊට අමතරව ඉරානය, ඇෆ්ගනිස්ථානය, බෙලාරුස් සහ මොන්ගෝලියාව යන රටවල් සංවිධානයේ නිත්‍ය සාමාජිකයෙකු වීමට අපේක්ෂා කරමින් සිටී, මෙලෙස ෂැංග්හයි සාමාජික රටවල් අතර වෙළඳ හා ආයෝජන වලදී ඩොලර් සහ පවුම් වෙනුවට ජාතික මුදල් භාවිතය ආරම්භ වුවහොත් එය විශාල ඉදිරි ගමනක් වනු ඇතැයි වාර්තා පවසයි. එය සාමාජික රටවල ජාතික මුදල් ශක්තිමත් කිරීම සහ අන්‍යෝන්‍ය වෙළඳාම සහ ආයෝජන ප්‍රවර්ධනය කිරීමද දායක වනු ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි