×

දරුවන්ට එරෙහි සියළු අයුරේ ශාරීරික දඩුවම් නීතියෙන් තහනම් කළ ප්‍රථම බ්‍රිතාන්‍ය රට බවට ස්කොට්ලන්තය පත්වේ

ලෝකයේ මේ වන විට රාජ්‍ය්‍යන් 57ක දරුවන් සදහා කරන කිසිදු අයුරක ශාරීරික දඩුවම් නීති විරෝධී වේ.


දරුවන් සම්බන්ධව සිදු කරන සියළු අයුරේ ශාරිරික දඩුවම් රජය විසින් නීති විරෝධී ක්‍රියාවන් බවට පත් කළ ප්‍රථම බ්‍රිතාන්‍ය රාජ්‍ය බවට ස්කොට්ලන්තය පත් විය.

මේ සම්බන්ධව පනත් කෙටුම්පත ස්කොට්ලන්තයේ ග්‍රීන් පක්ෂයේ පාර්ලිමේන්තු සාමාජික ජෝන් පිනී විසින් ඉදිරිපත් කරන ලදී. එයට ස්කොට්ලන්ත ජාතික පක්ෂයේ සහයෝගය හිමිවිය. වැඩි ඡන්ද සංඛ්‍යාවකින් මෙම පනත් කෙටුම්පත එරට පාර්ලිමේන්තුවේ සම්මත කෙරිණි. මන්ත්‍රීවරුන් 84 දෙනෙක් මීට සහය පල කළ අතර 29 දෙනෙක් විරුද්ධ විය .

මෙවැනි නීතියක් සම්මත කිරීමෙන් දරුවන් සියල්ලන් වෙත සමානාත්මතාවයෙන් යුත් ආරක්ෂාවක් සැපයීම අරමුණූ කර ඇත.

එංගලන්තයේ සහ උතුරු අයර්ලන්තයේ මේ වන විට හේතු සහගත ලෙස දරුවන්ට සඩුවම් කිරීමට නීතියෙන් අවසර ලබා දී ඇත. මෙතෙක් ස්කොට්ලන්තයේද එම තත්ත්වය පැවති අතර මෙම නව නීතියත් සමග දෙමවුපියන්ට දරුවන්ට කිසිම අයුරකින් ශාරීරික දඩුවම් පැමිණි විය නොහැකිය.

ලෝකයේ මේ වන විට රාජ්‍ය්‍යන් 57ක දරුවන් සදහා කරන කිසිදු අයුරක ශාරීරික දඩුවම් නීති විරෝධී වේ.

මේ සම්බන්ධව ස්කොට්ල්න්තයේ ළමා කටයුතු සම්බන්ධ අමාත්‍ය මාරි ටොඩ් පවසන්නේ මෙම නීතිය මගින් දරුවන්ගේ යහපත් හැසිරීම් වෙනුවෙන් බලපෑම් කිරීමට දෙමාපියන්ට ඇති අවස්ථාව අහිමි නොවන බවයි. දරුවන් සදහා පහර දීමක් ඊට අවශ්‍ය නොමැති බව ඔහු පෙන්වා දෙයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි