×

ලැවුගිනි මැද්දේ නිවාඩු ගියෙමි. සමාවුව මැනවි… ඕස්ට්‍රේලියානු අගමැති ජනතාවගෙන් සමාව අයදියි

,


පසුගිය දිනවල ඇතිවූ ලැවු ගිනි හේතුවෙන් සිය රටවැසියන් පීඩා විදිමින් සිටියදී තමන් හට නිවාඩු ගැනීමට සිදු වීම පිළිබදව ඕස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් තම ජනතාවගෙන් සමාව අයැද ඇත.

අද උදෑසන ප්‍රකාශයක් නිකුත් කරමින් අගමැතිවරයා පවසා ඇත්තේ ජනවාරි මස සිදු කරන්නට නියමිත ඉන්දියානු සහ ජපන් සංචාරයන් හේතුවෙන් සිය පවුලේ සාමාජිකයන් සමග කල් තියා නිවාඩුවකට සහභාගී  වන්නට සිදු වූ  තමන්ට අදාළ දින වලදී නිවාඩු ගන්නට සිදු වූ බවයි.

” මා පවුලේ සාමාජිකයන් සමග නිවාඩු ගැනීම හේතුවෙන් ඕස්ට්‍රෙලියාවේ ඇති වූ දරුණූ ලැවු ගිනි නිසා විපතට සහ කරදරයට පත් සියල්ලක්ම මුහුණ දුන් කිසියම් හෝ අපහසුතාවක් වේ නම් මම ඒ පිළිබදව අතිශයින් කණගාටුවට පත් වෙමි” ඔහු සිය ප්‍රකාශයේ එසේ සටහන් කළේය.

තමන් නොකඩවා රට තුළ සිදු වන තත්ත්වයන් පිළීබදව දැනුවත් වූ බවද එම ප්‍රකාශයේ දක්වා ඇත. ලැවු ගිනි හේතුවෙන් විපතට පත් වූවන්ගේ පවුල් වලට සිය කණ්ගාටුව ප්‍රකාශ කළ ඔහු සිය පවුලේ සාමජිකයින් සමග සැබෑවටම නිවාඩුව ගත කිරීම සදහා හවායී  දූපතක සිටින බවට වන චෝදනා අගමැති කාර්යාලය මගින් ප්‍රතික්ෂේප කර ඇත.

මේ පිළිබදව අගමැති මොරිසන් පවසා ඇත්තේ තමන් නිවාඩුව ගත කරන ස්ථානය පිළීබද මීට පෙරද සාමාන්‍යයෙන් ප්‍රකාශයට පත් නොකරන බවයි. එමෙන්ම තමන් වාර්ථා වූ පරිදි හවායී හී දී සිය නිවාඩුව ගත කළ බවද ඔහු විසින් පිළිගෙන ඇත

මම විශ්වාස කරනවා මාව මගේ ජනතාව තේරුම් ගනීවී යනුවෙන්ද ඔහු සිය ප්‍රකාශයේ සදහන් කරයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි