×

ගෝලීය විමෝචන ඉලක්ක සපුරා නොගතහොත් 2100 වන විට මුහුදු මට්ටම මීටර 1 ට වඩා ඉහළ යා හැකි බව විශේෂඥයින් අනතුරු අඟවයි

ගෝලීය මුහුදු මට්ටම ඉහළ යාම අපේක්ෂිත වේගයට වඩා වේගයෙන් සිදුවන බැවින් විමෝචන පරීක්‍ෂා නොකළ හොත් ගෝලීය මුහුදු මට්ටමේ ඉහළ යාම 2100 වන විට මීටර 1කිනුත් 2300 වන විට මීටර් 5කිනුත් ඉහළ යා හැති බව විශේශඥයින් පවසයි.


ගෝලීය මුහුදු මට්ටම ඉහළ යාම අපේක්ෂිත වේගයට වඩා වේගයෙන් සිදුවන බැවින් විමෝචන පරීක්‍ෂා නොකළ හොත් ගෝලීය මුහුදු මට්ටමේ ඉහළ යාම 2100 වන විට මීටර 1කිනුත් 2300 වන විට මීටර් 5කිනුත් ඉහළ යා හැති බව විශේශඥයින් පවසයි.

අවදානම් තක්සේරුව පදනම් වී ඇත්තේ ඊට සම්බන්ධ පද්ධති පිළිබඳ දැනුම හා නව සොයාගැනීම් මත වන අතර විද්‍යාඥයින් පවසන්නේ මීට පෙර මුහුදු මට්ටමේ ඉහළ යාමේ ඇස්තමේන්තු අගයන් ඉතා අඩු මට්ටමක පැවති බවයි.

එක්සත් රාජධානියේ ඩර්හැම් විශ්ව විද්‍යාලය, එක්සත් ජනපදයේ ටෆ්ට්ස් විශ්ව විද්‍යාලය සහ ජර්මනියේ දේශගුණික බලපෑම් පර්යේෂණ සඳහා පොට්ස්ඩෑම් ආයතනයේ සහාය ඇතිව සිංගප්පූරුවේ නැන්යැං තාක්‍ෂණික විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයින් විසින් මෙහෙයවන ලද අධ්‍යයනය මත පදනම්ව ගාඩියන් පුවත්පත මෙසේ පවසා ඇත.

“අද අප කරන දේ, දශක කිහිපයක් ඇතුළත, සියවස් ගණනාවක් පුරා මුහුදු මට්ටම ඉහළ යාම පිලිබදව තීරණය කරනු ඇත. නව විශ්ලේෂණ වෙන කවරදාටත් වඩා මෙය පැහැදිලිව පෙන්වයි,” ජර්මනියේ පොට්ස්ඩෑම් දේශගුණික බලපෑම් පර්යේෂණ ආයතනයේ (PIK) සම කර්තෘ ස්ටෙෆාන් රහම්ස්ටෝෆ් උපුටා දක්වමින් ඒඑන්අයි වාර්තා කළේය.

“නමුත් මෙයද ශුභ ආරංචියකි: හරිතාගාර වායු විමෝචනය සම්බන්ධයෙන් ගත් කල, ලෝකයේ වෙරළ තීරයේ, හැම්බර්ග් සිට ෂැංහයි දක්වා සහ මුම්බායි සිට නිව්යෝක් දක්වා මිලියන සංඛ්‍යාත ජනතාවකට ඇති අවදානම කොතරම් වැඩි කරනවාද යන්න පිලිබද දත්ත අපගේ අතේ ඇත.” ,

ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම කාර්මික පූර්ව මට්ටමට වඩා සෙල්සියස් අංශක 2 කට සීමා වී ඇති අවස්ථාවක විශේෂඥයන් ඇස්තමේන්තු කර මුහුදු මට්ටම ඇත්තේ 2100 වන විට මීටර් 0.5 ක් සහ 2300 වන විට මීටර් 0.5 සිට 2 දක්වා ඉහළ යනු ඇති බවයි. සෙල්සියස් අංශක 4.5 ක උනුසුම් වීමක් සහිත ඉහළ විමෝචන තත්වයක් තුළ, 2100 වන විට මීටර් 0.6 සිට 1.3 දක්වා සහ 2300 වන විට මීටර් 1.7 සිට 5.6 දක්වා විශාල වැඩිවීමක් විය හැකි බව විශේෂඥයන් ගණන් බලා තිබේ.

සමීක්ෂණයට සිදු කළ විශේෂඥයන් විසින් ග්‍රීන්ලන්තය සහ ඇන්ටාක්ටික් අයිස් තට්ටු අවිනිශ්චිතතාවයේ විශාලතම ප්‍රභවයන් ලෙස හඳුනාගෙන ඇත. මෙම අයිස් තට්ටු දේශගුණික විපර්යාස පිළිබඳ වැදගත් දර්ශකයක් වන අතර මුහුදු මට්ටම ඉහළ යාමේ ධාවකයකි. චන්ද්‍රිකා මත පදනම් වූ දත්ත සහ භූමියේ මිනුම්වලින් පෙන්නුම් කරන්නේ අයිස් තට්ටු වේගවත් වේගයකින් දියවන බවයි. කෙසේ වෙතත්, සමීක්ෂණය කරන ලද විශේෂඥයින් සඳහන් කළේ, විමෝචන සාර්ථකව අඩු කිරීමෙන් මුහුදු මට්ටම ඉහළ යාමේ විශාලත්වය හා බලපෑම සීමා කළ හැකි බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි