×

දෙවැනි ලෝක යුද්ධයේ අබිරහස්

දෙවැනි ලෝක යුද්ධය සැඟවුණු අබිරහස්වලින් බහුල ය. පහත දැක්වෙන්නේ දෙවැනි ලෝක යුද්ධය සහ එයට ඈඳුණු පුද්ගලයන් සම්බන්ධ අබිරහස් දහයකි.


1. දෙවැනි ලෝක යුද සමයේදී “කාන්තාරයේ නරියා” යන අන්වර්ථයෙන් හැඳින්වුණුු ෆීල්ඩ් මාෂල් අර්වින් රොමෙල් ගේ ප්‍රධානත්වයෙන් යුත් ජර්මානු හමුදාව උතුරු අප්‍රිකාවේදී අමෙරිකානු ඩොලර් මිලියන 30 ක් වටිනා රත්රන් සහ මැණික් කොල්ල කෑවේය. ඉන්පසු ඒවා කෝර්සිකා මුහුදේ ගිල්වනු ලැබීය. අද දක්වා සොයා ගෙන නොමැත.

2. මිත්‍ර හමුදා ගුවන් නියමුවන් හා සතුරු ගුවන් නියමුවන් අතර පැවති සටන්වලදී ඉහළ අහසින් ආ අද්භූත පියාඹන ගෝල තමන් අතරින් යන බව දෙපිරිසම දැක ඇත. මේ සංසිද්ධිය ෆූ ෆයිටර්ස් ලෙස හැඳින්වෙන අතර අදටද පැහැදිලි කිරීමක් නැත.

3. ඉන්දියාවේ ජාතිවාදී නායකයකු හා අධිරාජ්‍ය විරෝධියකු වන සුබාෂ් චන්ද්‍රබෝස් දෙවැනි ලෝක යුද සමයේදී අබිරහස් ගුවන් අනතුරකට ලක්ව අතුරුදන් විය. මළ සිරුර සොයා නොගැනිණි.

4. රුසියාවේ කැතරින් මාලිගයේ තිබූ රන් රුවන් හා දුම්මලවලින් සරසන ලද ඇම්බර් ගබඩාව යුද්ධයේදී අතුරුදන් විය. එය සැබවින්ම ඇති තැන කිසිවෙක් නොදනිති.

5. හිට්ලර්ගේ දෙවැනියා වූ රුඩොල්ෆ් හෙස් සාම ගිවිසුමක් සඳහා එක්සත් රාජධානියට තනිව ගියේ මන්ද යන්න අබිරහසකි. ඇතැමුන් පවසන්නේ එය ඔහුගේ තනි තීරණයක් වූ බවයි. එංගලන්ත රහස් ඔත්තු සේවයේ උගුලක් බව ද පැවසේ. ස්කොට්ලන්තයේදී ඔහුව අත්අඩංගුවට ගැනිණ.

” යුරෝපයේ තිබූ කලාකෘතිවලින් පහෙන් එකක් පමණ හිට්ලර්ගේ හමුදාව විසින් කොල්ලකනු ලැබීය. එහෙත් ඒ අතරින් කලාකෘති ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් අදටද හමු වී නැත. “

6. අමෙරිකාවේ ප්‍රකට ජෑස් සංගීතඥයකු හා ත්‍රොම්බෝන් වාද්‍ය ශිල්පියකු වූ ග්ලෙන් මිලර්, ප්‍රංශයේ සිටි අමෙරිකානු හමුදාව වෙනුවෙන් සංගීත ප්‍රසංගයක් ඉදිරිපත් කිරීම පිණිස යමින් සිටියදී අතුරුදන් විය. ඔහු රැගත් ගුවන් යානය අවසන් වරට දුටුවේ ඉංග්‍රීසි ඕඩයට ඉහළ අහසේදී ය.

7. යුරෝපයේ තිබූ කලාකෘතිවලින් පහෙන් එකක් පමණ හිට්ලර්ගේ හමුදාව විසින් කොල්ලකනු ලැබීය. එහෙත් ඒ අතරින් කලාකෘති ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් අදටද හමු වී නැත.

8. ලොස්ඇන්ජලීස් අහසට ඉහළින් පියාඹන වස්තුවක් දර්ශනය වීම නිසා අමෙරිකානු හමුදාවට ෂෙල් වෙඩි ප්‍රහාර 1400 ක් එල්ල කිරීමට සිදුවිය. එය පිටසක්වල යානාවක් යැයි සැලකේ.

9. හිට්ලර්ගේ රහස් ඔත්තු සේවය වූ ගෙස්ටෙපෝ හි ප්‍රධානී හෙන්රි මිලර් සෝවියට් හමුදාව බර්ලින් නුවරට ඇතුළුවන විටම අතුරුදන් විය. ඉන්පසු ඔහුට සිදුවූ දෙය රහසකි.

10. කැප් ආර්කෝනා, තීල්බෙක් සහ ඇතීන් නමැති ජර්මානු නෞකා ත්‍රිත්වය, නාසි වධ කඳවුරුවලට සිරකරුවන් රැගෙන යමින් සිටියදී බ්‍රිතාන්‍ය ගුවන් හමුදාවේ ප්‍රහාරයට ලක්විය. මේ සම්බන්ධ ලිපිගොනු වසර 2045 දක්වා මුද්‍රා තබා ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි