×

උතුරු කොරියාවේ රහසිගත චන්ද්‍රිකා පරීක්ෂණයක්! 2020 ට අනතුරු ඇඟවීමක්?

උතුරු කොරියාව 2020 දී යුධ ප්‍රකාශ කරයි ද???


පසු ගිය ඉරු (08) දින උතුරු කොරියාවේ චන්ද්‍රිකා දියත් කිරීමේ මධ්‍යස්ථානයේ ඉතාමත් ‘වැදගත්’ පරීක්ෂණයක් පැවැත්වූ බවට වාර්තා වේ. මෙකී පරීක්ෂණය කුමක් දැයි තොරතුරු හෙලි වී නොමැති වූවද, එය නිසැකවම ඇමරිකා එක්සත් ජනපදය සමඟ අසාර්ථක වූ න්‍යෂ්ටිකකරණය වැළැක්වීමේ සාකච්ඡා වලට සබඳතාවක් දක්වනු ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පරීක්ෂණයේ ස්වභාවය පිළිබඳ කළ විමසුම් වලදී ප්යොංයැං අගනුවර පිළිතුරු ලබා දීමක් සිදු කර නොමැති අතර, ජපානයේ ටෝකියෝ අගනුවර හා දකුණු කොරියාවේ සියොල් අගනුවරද තම අසල් වැසි රාජ්‍යය එකී පරීක්ෂණය හමුවේ කිසිදු දියත් කිරීමක් හෝ ගුවන් ගත කිරීමක් සිදුකරන ලද්දේ යැයි සිය නිරීක්ෂණ මධ්‍යස්ථාන විසින් හඳුනා ගෙන නොමැති බව පවසයි.

කෙසේ වෙතත්, උතුරු කොරියාව විසින් සිදු කළ මෙම ‘වැදගත්’ පරීක්ෂණය එළඹෙන වසර තුළ තීරණාත්මක ප්‍රවේශයක් ගනු ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මීට ඉහත දී උතුරු කොරියාව ප්‍රකාශ කර සිටියේ ඇමරිකා එක්සත් ජනපදය සමඟ පැවති සාකච්ඡා සාර්ථක නොවන්නේ නම් සිය රාජ්‍යය ‘නව මාවතක්’ කරා යොමුවන බවයි. එමඟින් අදහස් කරන ලද්දේ කුමක්ද යන්න පැහැදිලි නොවූවද, ඒ පිළිබඳ විවිධ විග්‍රහ පසුගිය කාලය තුළ අසන්නට ලැබිණි.

මෙම පුවත බොහෝ දෙනෙකු තැති ගැන්වීමට සමත් ව තිබෙන්නේ මීට දින කිහිපයකට පෙර උතුරු කොරියාව චන්ද්‍රිකා දියත් කිරීමේ සහ සබ්මැරීන මඟින් දියත් කළ හැකි බැලිස්ටික් මිසයිල අත්හදා බැලීමේ නව වැඩපිළිවෙලක් ආරම්භ කරනු ඇති බවට දකුණු කොරියාව විසින් අනතුරු අඟවා තිබූ බැවිණි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි