×

ක්‍රිටීක්ස් චොයිස් සම්මාන රාත්‍රියේ හොඳම ත්‍රාසජනක චිත්‍රපටය Avengers-Endgame!

වාර්ෂික Critics' Choice සම්මාන උළෙල හොලිවුඩයේ හොදම හා ජනප්‍රියතම සිනමා හා රූපවාහිනී නිර්මාණ අගයමින් පසුගිය ඉරිදා දින 25 වන වරටත් පැවැත්වුණි.


වාර්ෂික Critics’ Choice සම්මාන උළෙල හොලිවුඩයේ හොදම හා ජනප්‍රියතම සිනමා හා රූපවාහිනී නිර්මාණ අගයමින් පසුගිය ඉරිදා දින 25 වන වරටත් පැවැත්වුණි.

ටේ ඩිග්ස් උත්සවයේ නිවේදකයා ලෙස ආපසු පැමිණීම සියලු දෙනාටම ස්තුට දනවන කරුණක් විය.

එඩී මර්ෆිට ජීවිත කාලය පුරාම ජයග්‍රහණයක් ලෙස සැලකෙන සම්මානයක් හිමි වූ අතර #SeeHer සම්මානයෙන් පිදුම් ලැබූ ක්‍රිස්ටන් බෙල් ප්‍රේක්ෂකයින්ගේ සිත් ඇදගන්නාසුළු කථාවකින් සිය නාමය Critics’ Choice ඉතිහාසයට එක් කළාය. “මගේ ක්ෂණික ප්‍රතිචාරය සෑම විටම ‘ශක්තිමත්’ සහ ‘නිර්භීත’ සහ ‘බලවත්’ වැනි වචන වලින් පිළිතුරු දීමයි. නමුත් අවංකම කිවතොත්, මට නම්, කාන්තාවක් වීම යනු නිර්භීත වීම හෝ ශක්තිමත් වීම හෝ බලවත් වීම නොවේ.කාන්තාවන් එක්තරා රාමු වලට කොටුවෙන පරිදි කොන්දේසි පනවා ඇති පලියටම තමා විශේෂිත කිසිවක් වීම නොවේ. එය හුදෙක් ඔබ දැනටමත් සිටින දේවල් වීමට ඔබට අවසර දීම පමණයි, එය ඉතා පහසු යැයි පෙනේ, නමුත් එය එසේ නොවේ.” ඇය කියා සිටියාය.

හොදම ඡායාරූපයට හිමි සම්මානය Once Upon A Time … In Hollywood චිත්‍රපටය හිමි කරගත් අතර අනෙකුත් සම්මානයට පාත්‍ර වූවන් පහත සදහන් පරිදි වේ.

චිත්‍රපට

හොඳම නළුවා Joaquin Phoenix – Joker
හොඳම නිළිය Renée Zellweger – Judy
හොඳම සහාය නළුවා Brad Pitt – Once Upon a Time in Hollywood
හොඳම සහාය නිළිය Laura Dern – Marriage Story
හොඳම ළමා නළුවා/ නිළිය Roman Griffin Davis – Jojo Rabbit
හොඳම ක්‍රියාකාරීත්වය The Irishman
හොඳම අධ්‍යක්ෂක Bong Joon Ho – Parasite , Sam Mendes – 1917
හොඳම තිරරචනය(අනුවාද) Greta Gerwig – Little Women
හොඳම තිරරචනය(ස්වයං) Quentin Tarantino – Once Upon a Time in Hollywood
හොඳම සිනමාකරණය 1917 – Roger Deaki
හොඳම නිෂ්පාදනය Once Upon a Time in Hollywood – Barbara Ling, Nancy Haigh
හොඳම සංස්කරණය Lee Smith – 1917
හොඳම ඇඳුම් නිර්මාණය Ruth E. Carter – Dolemite Is My Name
හොඳම කොණ්ඩා සැකසුම් හා වේෂ නිරූපණය Bombshell
හොඳම දෘශ්‍ය ප්‍රයෝග භාවිතය Avengers: Endgame
හොඳම සජීවීකරණ චිත්‍රපටය Toy Story 4
හොඳම ත්‍රාසජනක චිත්‍රපටය Avengers: Endgame
හොඳම හාස්‍යෝත්පාදක චිත්‍රපටය Dolemite Is My Name
හොඳම විද්‍යා ප්‍රභන්ධ චිත්‍රපටය Us
හොඳම විදෙස් භාෂා චිත්‍රපටය Parasite
හොඳම ගීතය “Glasgow (No Place Like Home)” — Wild Rose, “(I’m Gonna) Love Me Again” — Rocketman

රූපවාහිනී

හොඳම කථාමාලාව Succession
හොඳම නළුවා Jeremy Strong – Succession
හොඳම නිළිය Regina King -Watchmen
හොඳම සහාය නළුවා Billy Crudup – The Morning Show
හොඳම සහාය නිළිය Jean Smart – Watchmen
හොඳම හාස්‍යෝත්පාදක කථාමාලාව Fleabag
හොඳම සීමිත කථාමාලාව When They See Us
රූපවාහිනිය වෙනුවෙන් නිපදවූ හොඳම කථාමාලාවEl Camino: A Breaking Bad Movie
හොඳම සජීවීකරණ කථාමාලාව BoJack Horseman
හොඳම සුහද කතාබහ වැඩසටහන Late Night with Seth Meyers



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි