×

ඉරාක ඉතිහාසයේ ප්‍රථම සත් නිවුන් දරු උපත

25 හැවිරිදි කාන්තාවක් වන මෙම මව විසින් දියණියන් 6 දෙනෙක් සහ එක් පුතෙක් බිහි කර ඇත


ඉරාක ජාතික මවක් විසින් ඊයේ සත් නිවුන් දරු උපතක් සිදු කළාය. ඒ ඉරාක ඉතිහාසයේ ප්‍රථම වතාවටයි. නම සදහන් නොකරන 25 හැවිරිදි කාන්තාවක් වන මෙම මව විසින් දියණියන් 6 දෙනෙක් සහ එක් පුතෙක් බිහි කර ඇති අතර ඔවුන් සත් දෙනාම මේ වන විට ඉතාමත් සුවයෙන් සිටින බව උපත සිදු වූ ඩියාලි පළාතේ රෝහලේ වෛද්‍යවරුන් විසින් පවසයි.

ඉරාකය පුරා ජනතාව මෙම උපත සමරමින් සිටින්නේ සිය ජාතිය විසින් මෙම අත් දැකීම ලැබූ ප්‍රථම අවස්ථාවට සිය ප්‍රීතිය එක් කරමිනි.

ලෝකයේ පළමු සාර්ථක සත් දරු උපතක් වාර්ථා වූයේ ඇමරිකා එක්සත් ජනපදයෙනි ඒ සුප්‍රසිද්ධ මැඛෝගේ සත් නිවුන් දරු උපතයි. 1997 වසරේදී බොබී මැඛෝගේ සහ ඩෙස් මොයිනස් යුවලට දාවය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි