×

ඇමසන් රකින්නට රටවල් 7ක් සම්මුතියකට එළැඹෙයි !

,


දකුණූ ඇමරිකානු රාජ්‍ය්‍යන් 7ක් විසින් ඇමසන් වනානාතරය ආරක්ෂා කරන බවට සම්මුතියකට එළැඹී ඇත. ඒ පසුගියදා ඇමසන් වනාන්තරය ආශ්‍රිතව ඇති වූ ගිනි ගැනීම් හේතුවෙන් ජාත්‍යන්තර ප්‍රජාවගේ අවධානය එල්ල වීමත් සමගිනි.

මෙම සම්මුතියට අත්සන් තබා ඇති රටවල් වන්නේ බොලීවියාව, බ්‍රසීලය, කොළොම්බියාව, ඉක්වදෝරය,ඝයනාව, පේරු සහ සරිනිමේ යන රාජ්‍යයන්ය.
මේ සම්බන්ධව සමුළුවක් පසුගියදා ඝයානාවේදී පැවති අතර වනාන්තර ප්‍රතිරෝපණය සහ සංරක්ෂණයටද එහිදී එගක වී ඇත‍.

මෙම වසරේදී පමණක් ඇමසන් ආශ්‍රිතව ගිනි ගැනීම් අවස්ථෘ 80000ට වඩා වාර්ථා විය.

මෙම සමුළුවේ ප්‍රධානත්වය කොලොම්බියානු ජනපති ඉවාන් ඩ්‍යුක් විසින් දැරූ අතර ඔහු පැවසූවේ ඇමසන් වනය පැතිර පවතින රාජ්‍ය්‍යන් අතර එය සුරැකීම සදහා මෙම සම්මුතියට එළැඹුණු බවයි.
මෙම සියළු රටවල ජනපතිවරුන්ගේ සහභාගීත්වයෙන් මෙම සමුළුව පැවතුණ අතර එහිදී ඇමසන් ආශ්‍රිත ආදිවාසී ජනයා පිළිබදවද එහිදී අවධානය යොමු විය.

මේ සදහා බ්‍රසීල ජනපති ජෙයර් බොල්සොනාරෝ සහභාගී වී ඇත්තේ සීවී අන්තර්ජාල ඇමතුමක් මගිනි. ඒ ඔහු සැත්කමක් සදහා මුහුණ දීමට සූදානම් වන අතරතුරය‍



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි