සටහන: සශිකලා මධුෂාණි
ඔක්තෝබර් 20; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඊයේ(19) දිනයේදී ජෝර්ජියාවේ සපෙලෝ දූපතේ යාත්‍රා තටාකයක කොටසක් කඩා වැටීමෙන් අවම වශයෙන් පුද්ගලයින් හත් දෙනෙකු මිය ගොස් ඇති බව ප්‍රාදේශීය බලධාරීහු ප්‍රකාශ කර තිබේ.
මාෂ් ලෑන්ඩින් ඩොක්හිදී සංස්කෘතික උත්සවයක් සඳහා විශාල පිරිසක් යාත්‍රා තටාකයකට රැස්ව සිටීම නිසා තොටුපළට ගොඩ වන ඇවිදීමේ මාර්ගය කඩා වැටීමෙන් 20 දෙනෙකු පමණ ජලයට ඇදවැටී තිබේ.
පුද්ගලයින් කිහිප දෙනෙකු රෝහල් ගත කර ඇති අතර ඔවුන් සෙවීමේ සහ මුදාගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වෙමින් පවතියි.
එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් මේ සම්බන්ධයෙන් සිය කණගාටුව ප්‍රකාශ කරමින් සඳහන් කර තිබුණේ, තමා සහ ඔහුගේ බිරිඳ ජිල් අහිමි වූ ජීවිත ගැන ශෝක වන අතර තුවාල ලැබුවන් හා අතුරුදන් වුවන් වෙනුවෙන් යාච්ඤා කරන බවයි.