×

දහස් ගණනකගේ කදුළු මැද කැනඩාවේදී අවසන් ගමන් ගිය සිරියාවේ සොයුරු සොයුරියෝ

වයස අවුරුදු 7 සිට 15 දක්වා වයසැති මෙම සොයුර සොයුරියන් හත් දෙනා මරණයට පත්ව ඇත්තේ තමන් පදිංචිව සිටි නිවසේ ඇති වූ ගින්නක් හේතුවෙනි.


කැනඩාවේ ජීවත් වූ සිරියානු ජාතික සරණාගත සොයුර සොයුරියන් හත් දෙනෙකු එක වර ගින්නට හසු වී මිය ගිය පුවතක් ඊයේ වාර්ථා විය.

දෙදහසකට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් ඔවුන්ගේ අවසන් කටයුතු නැගෙනහිර කැනඩාවේ හාලිෆැක්ස් හී දී ඊයේ පැවැත්විණ.
වයස අවුරුදු 7 සිට 15 දක්වා වයසැති මෙම සොයුර සොයුරියන් හත් දෙනා මරණයට පත්ව ඇත්තේ තමන් පදිංචිව සිටි නිවසේ ඇති වූ ගින්නක් හේතුවෙනි. ඔවුන් අතර සිටි ඔවුන්ගේ පියා දැඩි තුවාල ලබා කෝමා තත්ත්වයේ පසුවන අතර මව පමණක් සිය දරුවන්ගේ අවසන් කටයුතු සදහා සහභාගී වී තිබිණ.

අහමඩ් බාරෝ සහ ඔහුගේ සොහෝයුරු සොහායිරියන් වන රෝලා, මෙහොමඩ්, ඕලා, හාලා, රානා සහ අබ්දුල්ලා මෙසේ මිය ගියහ.
ඔවුන්ගේ පවුල 2017 වසරේදී සිරියානු සරණාගතයින් ලෙස කනඩාවට පැමැණියේ තවත් 4000ක් සරණාගතයින්ද සමගිනි.

ඔවුන්ගේ අවසන් කටුයුතු පැවැතුවූ අවස්ථාව කැනේඩියානු මාධ්‍ය රැසක් සජීවීව විකාශය කළ අතර සහභාගී වූවන් ධික වූ හේතුවෙන් අවසන් කටයුතු ඉස්ලාම් පල්ලියක් තුළ පවත්වන්නට නොහැකි වී ඇත.
ඔවුන් වෙනුවෙන් මේ වන විටත් දුකට පත් වූ කැනේඩියානු ජාතිකයින් විසින් අරමුදලක් ආරම්භ කර ඇති අතර දින කිහිපයක් තුළ කැනේඩියන් ඩොලර් 380000ක ආධාර ලැබී ඇතැයි වාර්ථා වේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි