×

ශේන් වෝන් දිවිසැරිය නිමකරයි

ලොව බිහිවූ විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන ඔස්ට්‍රේලියානු සුපිරි පා දඟ පන්දු යවන ක්‍රීඩක 52 හැවිරිදි ෂේන් වෝන් හෘදයාබාධයකින් මිය ගොස් තිබේ.


 

වෝන් වසර 15ක ජාත්‍යන්තර ක්‍රිකට් දිවියපුරා තරග 145කදී ටෙස්ට් කඩුලු 708ක් දවා ගත් අතර, එය ලොව දෙවැනි වැඩිම කඩුලු සංඛ්‍යාවයි.එහි පලමු ස්ථානය සුපිරි ක්‍රීඩක මුරලිදර්න්ට හිමි වේ.වෝන් එලඹුනු සිකුරාදා දින තායි දූපතේ Koh Samui හි ඔහුගේ පුද්ගලික නවාතැන් පොලේදි මෙසේ මිය ගොස ඇත.වෝන් ඕස්ට්‍රේලියාවට 1999 වසරේදි සීමිත ඕවර 50 ලෝක කුසලානය දිනා ගැනීමට පන්දුවෙන් විශිෂ්ට මෙහෙයක් සිදු කළ අතර 1993 සිට 2005 අතර කාලය තුල එක්දින ජාත්‍යන්තර තරඟ 194 කදී දැවී යෑම් 293 කට හිමිකම් කීවේය.2000 දී, ඔහු ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන්, ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස්, ශ්‍රීමත් ජැක් හොබ්ස් සහ ශ්‍රීමත් විව් රිචඩ්ස් යනාදි පිරිස සමඟ එක් වූ සියවසේ විස්ඩන් ක්‍රිකට් ක්‍රීඩකයින් පස් දෙනාගෙන් කෙනෙකු ලෙස නම් කරන ලදී.වෝන් 2007 දී ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගත්තේ ඔස්ට්‍රේලියාව විසින් 5-0ක් ලෙස එංගලන්තය සිය මව්බිමේදී සුප්‍රකට අළු බඳුන තරඟ මාලව ජයග්‍රහණය කරමිනි.2004 වසරේ ඔහු නායකත්වය දැරූ හැම්ප්ෂයර් ප්‍රාන්ත සමාජය සමඟ වසර පහක ගණදෙනුව අවසන් කරමින් එම වසරේ අගභාගයේදී වෝන් පළමු පන්තියේ සහ A කාණ්ඩයේ ක්‍රිකට් වලින්ද විශ්‍රාම ගත්තේය.

  

ඔහු 2013 දී සියලුම ආකරයේ ක්‍රිකට් සමාජයන්ගෙන් විශ්‍රාම ගන්නට විය.ඔහු දක්‍ෂ ස්ලිප් පන්දු රකින්නෙක් සහ දක්‍ෂ පහළ පෙළ පිතිකරුවෙකු වූ අතර සාමාන්‍ය 17.32ක් ලෙසින් ලකුණු 3,154ක් ලබා ගත් අතර ටෙස්ට් ඉතිහාසයේ ශතකයක් නොලබා ලකුණු 3,000 ඉක්මවා ගිය එකම පිතිකරුවා වේ . වේග පන්දු යවන්නන් ආධිපත්‍යය දැරූ 1970 සහ 1980 ගණන් වලදී මද පන්දු යැවීමේ විලාසයක් වූ පා දඟ පන්දු යැවීමේ කලාව වෝන්ගේ ප්‍රවීණත්වය ඉස්මතු කල අතර, එය ක්‍රිකට් ක්‍රීඩාවේ විප්ලවීය වෙනසක් ඇති කළේය.වෝන් ටෙස්ට් තරග 36කදී දැවී යෑම් 195ක් සමඟින් ඉතිහාසයේ වැඩිම අළු බඳුන තරඟාවලියේ කඩුලු දවාගත් වාර්තාවට හිමිකම් කියයි.ඔහු තම උපන් ගම වන වික්ටෝරියා වෙනුවෙන් පළමු පෙළ තරග හතකට පමණක් සහභාගි වී පසුව 1992 දී ඉන්දියාවට එරෙහිව සිය මංගල ටෙස්ට් තරගයට පිවිසියේය. නමුත් 1993 එංගලන්තයේ පැවති අළු බඳුන තරඟාවලියේදි ඔහුගේ විස්මිත පන්දු යැවීමේ විලාසය ඔහු ලෝකයේ ක්‍රිකට් ලෝලින් අතර, ප්‍රකට විය.එදින තරඟාවලියේ දි වෝන ඔහුගේ පළමු පන්දුවෙන්ම ,එංගලන්ත පිතිකරු මයික් ගැටිං අතට උඩපන්දුවක් දෙමින් විස්මිත පන්දු යැවීමක නිරත වූ අතර එය පා කඩුල්ලෙන් පිටත පතිත කර ඕෆ් ස්ටම්ප් එකේ මුදුනටම එල්ල කරන්නට විය.

එය එවකට ‘සියවසේ පන්දුව’ ලෙස ප්‍රසිද්ධ විය.ශේන් වෝන්,1999 ලෝක කුසලාන ජයග්‍රහණයේ ,ස්ටීව් වෝ යටතේ උපනායකත්වයට පත් වූ අතර , පාකිස්තානයට එරෙහිව අවසන් මහා තරගයේදී ලකුණු 4 කඩුලු 33ක් ලබා ගැනීමෙන් පසුව තරගයේ වීරයා ලෙස සම්මානයට ලක් විය.

නමුත් 2003 ලෝක කුසලාන තරඟාවලිය ආරම්භ වීමට පෙර වෝන් තහනම් උත්තේජක පරීක්‍ෂණයකින් අනතුරුව ක්‍රිකට් ක්‍රීඩාවෙන් වසරක තහනමකට ලක් විය.එහෙත් ඔස්ට්‍රේලියාව 2003 ලෝක කුසලානය දිනන්නේ ඉන්දියාව පරදවමිනි.වෝන් ඔස්ට්‍රේලියානු කණ්ඩායම එක්දින තරඟ 11 වතාවක් මෙහෙයවූ නමුත් කිසි විටෙක ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය දැරුවේ නැත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි