×

YouTube යූ ටියුබ් බලා දියමන්තියක් සොයාගෙන!

යූ ටියුබ් බලා අනපේක්ෂිත වාසනාවකට හිමිකම් කියූ ඇය...


ඇමරිකාවේ ආර්කැන්සාස් ජනපදයේ කාන්තාවක් විසින් YouTube වීඩියෝවල පිහිටෙන් සත්‍ය වශයෙන්ම දියමන්තියක් සොයාගැනීමට සමත් වූවාය.

‘දියමන්ති සොයාගන්නේ කෙසේද?“ යන මාතෘකාවට අදාළ වීඩියෝවක් දිනක් නරඹමින් සිටියදී, එම වීඩියෝවේ සඳහන් වන කරුණු සත්‍යදැයි සොයාබැලීමට තමන්ට සිත්වුණු බව ඇය පවසයි.
ඒ අනුව ආර්කැන්සාස් ජනපදයේ දියමන්ති ඇති බවට ප්‍රකට Diamonds State Park හි ආවාටයක තිබී දියමන්තියකට සමාන පාෂාණයක් ඇයට හමු තිබේ. ‘‘මං හිතන්නෙ මම එකක් හොයාගත්තා..“ යැයි ඇය මේ පිළිබඳව සිය මවට ද පවසා ඇත.

සැබවින්ම එය එසේ වූ අතර, ඇය විසින් සොයාගෙන තිබුණේ කැරට් 3.72 ක කහ දියමන්තියකි. 2017 ඔක්තෝබර් මාසයෙන් පසුව මෙම උද්‍යානය ආශ්‍රිතව සොයාගත් විශාලතම දියමන්තිය මෙය බවට සැලකේ. මීට පෙර කැරට් 7.44 ක දුඹුරු දියමන්තියක් තරුණයෙකු විසින් මෙම ස්ථානයෙන්ම සොයාගෙන තිබිණි.

වයස අවුරුදු 27 ක එක්දරු මවක් වන මෙම කාන්තාව මේ දියමන්තිය විකිණීම ගැන සිතන්නේ නැත. එය අතිශයින්ම වටිනා එකක් බව සැබෑ නමුත්, ඇය ළඟ ඊට වඩා අනගි සැලසුමක් ඇත. ඇය මෙසේ කියයි.

‘‘මේක විකුණලා ගන්න සල්ලිවලින් ඕනෙම දෙයක් කරන්න පුළුවන්. නමුත් කීයෙන් කී දෙනාටද තමන්ගෙ දරුවන්ට මෙහෙම කියන්න පුළුවන්? ‘‘ඔයාගෙ මංගල මුද්ද හදල තියෙන්නෙ දියමන්තිවලින්. ඒ මුද්ද හදල තියෙන්නෙ ඔයාගෙ අම්ම ඇහින්ද දියමන්තියකින්!“



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි