×

ඉරාකයේදී ෂියා ත්‍රස්ත කල්ලි වෙත ප්‍රහාරයක් දියත් වෙයි!

ඊශ්‍රායල ආරක්ෂක අංශ විසින් ඉරාක - සිරියානු දේශසීමාවේදී ෂියා ත්‍රස්ත කල්ලි වෙත ප්‍රහාරයක් දියත් කර ඇති බවට වාර්තා වේ.


ඉරාක – සිරියානු දේශසීමාවේ පිහිටා ඇති අල්-බුකමාල් කලාපයේ දී හමුදා අංශ විසින් ෂියා ත්‍රස්ත කල්ලි වෙත ප්‍රහාරයක් දියත් කිරීමට සමත් වූ බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 

එම වාර්තා අනුව, ෂියා ත්‍රස්ත කල්ලි වෙත එල්ල කර ඇති ප්‍රහාරය ඩ්‍රෝන ප්‍රහාරයක් වන අතර, එම ප්‍රහාරය ඉරානයට සම්බන්ධතාවක් පවතින්නේ යැයි කියවෙන ත්‍රස්ත කල්ලි විසින් අවිජාවාරම් ගෙනයන කලාපයක් බවට ප්‍රසිද්ධ අල්-බුකමාල් කලාපයට එල්ල කර ඇත.

මේ වන විට ඉරාකය පාලනය කරනු ලබන්නේ ෂියා ත්‍රස්තවාදීන් විසින් මිස එරට රජය නොවන බවට ප්‍රචාර දියත් වන තරමටම ඉරාකයේ ත්‍රස්ත ක්‍රියා උත්සන්න වී පවතී.

ඉරාකයේ අල්-අෆාක් පුවත් සේවයට අනුව ඊශ්‍රායල ආරක්ෂක අංශ (IDF) මෙම ප්‍රහාරය දියත් කර ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි