×

මරා දැමූ ෂිරීන් ට යුක්තිය ලබා දෙන්න – පවුලේ සාමාජිකයෝ බයිඩන් ට ලියති!

මීට කලකට ඉහත ඊශ්‍රායල හමුදාව (IDF) විසින් ඝාතනයට ලක්වූ පලස්තීන-ඇමරිකානු මාධ්‍යවේදිනියක් වන ෂිරීන් අබු අක්ලෙහ් ගේ පවුලේ සාමාජිකයන් එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් වෙත ලිපියක් යොමුකර තිබේ.


මෙම ලිපිය හරහා ෂිරීන්ගේ ඝාතනය සම්බන්ධයෙන් ඊශ්‍රායලයට දණ්ඩමුක්තිය ලබා දීමට එක්සත් ජනපදය කටයුතු කර ඇති බවට ඇගේ පවුලේ සාමාජිකයෝ චෝදනා කරති.

එමෙන්ම, එළඹෙන සතියේදී එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් මහතා ඊශ්‍රායලයේ යෙදීමට නියමිත සංචාරය අතරතුරදී ඔහු සමඟ හමුවක් ලබා ගැනීමට ඔවුනට අවශ්‍ය බව ෂිරීන්ගේ පවුල එම ලිපිය හරහා දැනුම් දී තිබේ.

මේ පිළිබඳව සමාජ මාධ්‍ය සටහනක් ද තබමින් ෂිරීන්ගේ පවුලේ සාමාජිකයන් පවසන්නේ ඇගේ ඝාතනය සම්බන්ධයෙන් ඊශ්‍රායල රජය ලබා දුන් ප්‍රකාශය පිළිගැනීමට එක්සත් ජනපදය කටයුතු කර ඇති බවත්, මීට සම්පූර්ණයෙන් වගවීමට අසමත් වී ඇති බවත් ය.

ෂිරීන්ගේ මරණය සම්බන්ධයෙන් ඊශ්‍රායලය නිවේදනය කරනු ලැබුවේ එය නීතිවිරෝධී ඝාතනයක් බවයි.

ඒ අනුව, ඇගේ මරණයට සුදුහුණු ගාමින් එය නොවැළැක්විය හැකි දෙයක් බැවින් හිත හදාගෙන ඉදිරියට වැඩකටයුතු කරන මෙන් ලෝකයාට හැඟවීමට බයිඩන් ප්‍රමුඛ රජය කටයුතු කර ඇති බවට ෂිරීන්ගේ පවුලේ සාමාජිකයෝ චෝදනා කරති.

එසේ කරනු වෙනුවට නිහඬව සිටියා නම් වඩාත් යෝග්‍ය බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

අල් ජසීරා මාධ්‍ය ආයතනයේ කීර්තිමත් මාධ්‍යවේදිනියක වූ ෂිරීන් ඉකුත් මැයි 11 වන දින ඊශ්‍රායල හමුදාව විසින් ඝාතනයට ලක්වුනේ, ඈ ජෙනින් හි තිබූ සරණාගත කඳවුරක් පිළිබඳව ආවරණය ලබා දෙමින් සිටිය අතරතුරදී ය.

මේ සම්බන්ධයෙන් එවකට ඊශ්‍රායල හමුදාව පැවසුවේ පලස්තීන් සන්නද්ධ කල්ලි සමඟ වෙඩි හුවමාරුවක් අතරතුර ෂිරීන් ට වෙඩිවැදීම නිසා ඇය ජීවිතක්ෂයට පත්වූ බවයි. ඇගේ ඝාතනය සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වීමට කටයුතු යොදා නොතිබිණි.

ඡායාරූප: අල් ජසීරා

ඊශ්‍රායල ප්‍රහාරයෙන් අල් ජසීරා මාධ්‍යවේදිනියක් මරුට! යුක්තිය ඉල්ලා අරගල!!



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි