×

2022 දී සිදු වූ සට-පට සත්තපඩි අවස්ථා!

2022 යනු කෝලම් මඩුවකට සමාන වූ වසරක්


මෙදාපාර අපි නත්තලේ සිරිය ලෝකයා සමඟ බෙඳා ගන්නේ හරි අපූරු අන්දමකිනි. ඒ 2022 දී කීර්තිමත් පුද්ගලයන් කිහිපයකට සිදු වූ කම්පන සහගත සිඳුවීම් ගොන්නක්(12) පෙරදැරි කරගෙන ස්කයි නිව්ස් හි සටහනක් මූලාරම්භය කරගැනීමෙනි.

2022 යනු කෝලම් මඩුවකට සමාන වූ වසරක් බව ඔබ අප හැමෝම දන්නා කරුණකි. එලෙස ආමන්ත්‍රණය කිරීමට සිදු වන්නේ එම වසරෙහි සිඳු වූ අමුතුආකාරයේ ක්‍රියාකලාපයන් නිසාවෙන් වීම පුදුමයක් නොවේ.

එම අවස්තා කිහිපයක් මෙසේ දිග හරින ලදී;

• විල් ස්මිත්, ක්‍රිස් රොක් ට සත්තපඩි වෙන්න දුන් කනේ පහර!

FILE PHOTO: Will Smith hits Chris Rock onstage during the 94th Academy Awards in Hollywood, Los Angeles, California, U.S., March 27, 2022. REUTERS/Brian Snyder

ඇකඩමි සම්මාන (Academy Awards) උළෙල යනු වසරේ දැවැන්තම උත්සවයකි. ඉතින් එදින රාත්‍රියේ ජනප්‍රිය තරුවක් වන විල් ස්මිත් – විකට නළු ක්‍රිස්රොක්ට එම වේදිකාවේ සජීවීව මුහුණට පහර දුන් අවස්තාව ලෝකයා කම්පනයකට පත් කළ සිදුවීමකි.
ස්මිත් එම අවස්තාවේදීම සම්මාන උළෙලෙන් සමාව ඉල්ලා සිටි අතර සහ ඔහුගේ සාමාජිකත්වයෙන් ද ඉල්ලා අස්විය.
එය එතරම් කාලයකට පැවති අවුල් සහගත ඔස්කාර් සම්මාන උළෙල විය.


•Wagatha Christie නඩු විභාගය!

ඡායාරූප; The new york times

Rebekah Vardy විසින් Coleen Rooney ට එරෙහිව ගොනුකල අපහාස නඩුව Wagatha Christie අපහාස නඩු විභාගය කාගේත් කතාබහට ලක්විය. මොවුන් දෙදෙනා බ්‍රිතාන්‍ය පාපන්දු ක්‍රීඩකයින්ගේ භාර්යාවන් වන අතර මෙය Coleen Rooney විසින් Rebekah Vardy පිළිබඳ සිය පෞද්ගලිකඉන්ස්ටග්‍රෑම් ගිණුමෙන් බ්‍රිතාන්‍ය පුවත්පතකට ලබා දුන් පෞද්ගලික තොරතුරු හේතුවෙන් නැඟුනු මතභේදාත්මක සිදුවීමකි.
කෙසේ වෙතත් මෙම නඩු විභාගය විසඳුනත් එය ලෝකයාටම කොමඩියක් වී හමාරය.
මෙම සිදුවීම 2023 දී channel 4 විසින් කොටස් දෙකක නාට්‍යයක් ලෙස මෙන්ම ඩිස්නි+ විසින් කොටස් තුනක වාර්තාමය චිත්‍රපටයක් ලෙස ද විකාශයකරනු ඇත.


•18 වසරකට පසු යළි යුගදිවියට එළඹෙන බෙන් ඇෆ්ලෙක් සහ ජෙනිෆර් ලෝපේස් හෙවත් “බෙනිෆර්”

ඡායාරූප; twitter

හොලිවුඩයේ මෙන්ම ඇමරිකානු සහ ලතින් ඇමරිකානු සංගීතයේ දීප්තිමත්ම තාරකාවක් වන ජෙනිෆර් ලෝපේස් හෙවත් ජේලෝ සහ සුපිරි හොලිවුඩ් රංගනශිල්පී බෙන් ඇෆ්ලෙක් ගේ ප්‍රේම වෘතාන්තය ආරම්භ වන්නේ 2003 වර්ෂයේ පමණ වන අතර, දෙපළ විවාහ වීමට පවා නියමිතව තිබිය දී නොවැළැක්වියහැකි හේතු මත 2004 දී එම විවාහය අවලංගුකර දමා තිබිණි. ජේලෝ සුපිරි ගායන ශිල්පී මාර්ක් ඇන්තනි සමඟ විවාහ ගිවිසගත් අතර, එහි ප්‍රතිඵලයක්ලෙස ඈ දරුවන් දෙදෙනෙකුගේ මවක වූවා ය. ජේලෝ සහ මාර්ක් ගේ විවාහය 2011 දී අවසන් වන අතර, ජේලෝ තම අවසාන පෙම්වතා වූ ඇලෙක්ස්රොඩ්‍රිගස් හෙවත් ඒ රොඩ් සමඟ තිබූ සබඳතාවය අවසන් කරන්නේ 2021 වර්ෂයේ ය. මෙම කාලසීමාව තුළ බෙන් සුපිරි හොලිවුඩ් රංගන ශිල්පිනී ජෙනිෆර්ගාර්නර් සමඟ විවාහ ගිවිසගෙන සිටි අතර, ඔහුට ගාර්නර්ගෙන් දරුවන් තිදෙනෙකු ලැබිණි. දෙපළගේ විවාහය දෙදරා යන්නේ 2018 වර්ෂයේ ය. අවසානයේනැවත වරක් බෙන් ඇෆ්ලෙක් සමඟ පෙමින් වෙලෙන ජේලෝ වැඩි කලක් නොගොස්ම ඔහු සමඟ විවාහ ගිවිස ගත්තාය. එම පුවත මාධ්‍ය දැඩි සේ උණුසුම්කිරීමට සමත් විය.


•ජොනී ඩෙප් සහ ඇම්බර් හර්ඩ් පලහිලව්ව

ඡායාරූප; Sky News


හොලිවුඩ් තරු ජොනී ඩෙප් සහ ඇම්බර් හර්ඩ් ගේ නඩු කටයුත්ත ඔබ කාටත් මතක ඇත. එක්සත් ජනපදයේ වර්ජිනියා හි ෆෙයාර්ෆැක්ස් කවුන්ටි සර්කිට්අධිකරණයේ විභාග වූ මෙම නඩුවට මාධ්‍ය හරහා අති විශාල ප්‍රසිද්ධියක් ලබා දී තිබිණි. තමා ජොනී විසින් ගෘහස්ත අපයෝජනයට ලක්වූ බවට ඇම්බර් විසින්2018 වර්ෂයේදී වොෂිංටන් පෝස්ට් පුවත් සේවය වෙත ලබා දී තිබූ සම්මුඛ සාකච්ඡාවකින් අනතුරුව ජොනී ඇගේ ප්‍රකාශය සාවද්‍ය බව කියමින් නීතිමයක්‍රියාමාර්ගයකට එළඹුනු අතර, එතැන් පටන් මාධ්‍ය උණුසුම් කරමින් ජොනී සහ ඇම්බර් ගේ පෞද්ගලික ජීවිතයේ තිබූ විරසක රැසක් මාධ්‍ය හරහාඅනාවරණය විය. මෙම සිදුවීම පිළිබඳ තතු වාර්තා වීම සමඟ ආරම්භයේදී ජොනී ඩෙප්ට එරෙහිව දැඩි මාධ්‍ය ප්‍රහාර මාලාවක් දියත් වූ මුත්, අධිකරණක්‍රියාමාර්ගය ඉදිරියට යාමත් සමඟ, ජොනී ඩෙප් නඩුව ජයග්‍රහණය කළේය.


•බ්‍රිතාන්‍යයේ රාජකීය දබරය!

ඡායාරූප; Sky News

බ්‍රිතාන්‍යයේ රාජකීය පවුලේ චාර්ල්ස් රජුගේ බාල පුත්‍රයා වූ හැරී කුමරා සහ ඔහුගේ බිරිඳ මෙගන් මර්කල් ගේ ජීවිතය පදනම් කරගත් නෙට්ෆ්ලික්ස් නාලිකාවේවිකාශය වූ Harry And Meghan නම් වාර්තාමය ටෙලිනාට්‍යමාලාව මහත් ආන්දෝලනයක් ඇති කිරීමට සමත් වූ බව ඔබට මතක ඇත. ඒ අන් කවරක්නිසා නොව, හැරී කුමරු තම වැඩිමහල් සොයුරා වූ විලියම් කුමරු සමඟ තිබූ සබඳතාව බිඳී යාම සහ තම බිරිඳ මෙගන්ගේ දරුගැබ උපතට පෙර මියයාමපසුපස තිබූ ආන්දෝලනාත්මක කරුණු කිහිපයක් මෙම ටෙලිනාට්‍යමාලාව හරහා අනාවරණය වීම නිසාය. තම සොයුරා සමඟ තිබූ සබඳතාවය බිඳී ගියේ, ඔහු විසින් රාජකීය පවුලට ඉටුවිය යුතු යුතුකම් පැහැර හැර මාලිගය හැර යාමට ගත් තීරණය හමුවේ විලියම් කුමරු තමාට ප්‍රසිද්ධියේ බැන වැදීම සහකෙණහිලිකම් කිරීම, සහ ඔහුගේ ක්‍රියාකලාපය යට ගැසීමට කෙන්සිංග්ටන් මාලිගය කටයුතු කිරීම බවත්, තම බිරිඳගේ දරුගැබ මියගියේ ඩේලි මේල් නම්පුවත්පත විසින් තම බිරිඳට එක දිගට පහර ගැසීම මත ඈට එල්ල කළ මානසික පීඩනය බවත් හැරී කුමරු මෙම ආන්දෝලනාත්මක වාර්තාමයටෙලිනාට්‍යමාලාව හරහා අනාවරණය කරයි.


•හිට්ලර්ට කැමති.. නෑ නෑ එයා නෙමෙයි.. කාන්යේ වෙස්ට්!

ඡායාරූප; Sky News

තම මානසික සෞඛ්‍ය ගැටළු සහ තමා සහ කිම් කාර්ඩැෂියන්ගේ විවාහය දෙදරා යාම සමඟ ජනප්‍රිය රැප් ගායක කාන්යේ වෙස්ට් හෙවත් යේ සමාජ මාධ්‍ය හාප්‍රධාන මාධ්‍යවල එක හා සමානව පුවත් මවන්නකු බවට පත්විය. එහෙත් මෙම වසරේ – විශේෂයෙන්ම සමාජ මාධ්‍යවල – ඇවිලෙන ගිනි ජාලාවලටමැදිවන්නට යේ ට සිදුවූයේ ඔහු යුදෙව් විරෝධී ප්‍රකාශ සිදුකිරීම සහ ස්වස්තිකය පෙන්වමින් තමා ඇඩොල්ෆ් හිට්ලර්ට කැමති යැයි ප්‍රකාශ කිරීම සමඟ ය. මෙම ප්‍රකාශය නිසා ඔහුට තම ට්විටර් ගිණුම අහිමි වූවා පමණක් නොව තම වෘත්තීය සගයන් කිහිපදෙනෙකු පවා අහිමි විය.

•රැජිණගේ නික්මයාම සමඟ මතුවූ සමාජ මාධ්‍ය නැඟිටීම සහ එංගලන්තේ පොදු සතුරා!

ඡායාරූප; Sky News



දශක 07 ක කාලයක් පුරාවට බ්‍රිතාන්‍යය පාලනය කළ දෙවෙනි එලිසබෙත් රැජින ඉකුත් සැප්තැම්බර් මස දිවි සැරිය නිමා කිරීම සමඟ ඇගේ දේහය බැලීමටඅධික පිරිසක් රැස්වූ අතර, ඇගේ රාජකීය අවමංගල්‍ය උත්සවය මෙම වර්ෂයේ වැඩිපුරම සමාජ මාධ්‍යවල පිරිසක් නැරඹූ අවස්ථාව බවට පත්විය. ඇගේ අවමංගල්‍ය උත්සවය දින 10 ක් පැවැත්වූ අතර, එම අවස්ථාව සජීවීව විකාශය කළ සමාජ මාධ්‍ය දැඩි ආදායමක් ඉන් උපයා ගැනීමට පවා සමත් වූ බවනොරහසකි. ඒ සියල්ල එසේ තිබියදී සිරස්තල උණුසුම් කිරීමට සමත් කළ තවත් පුවතක් වූයේ, රූපවාහිනී නිවේදකයන් දෙදෙනෙකු වූ හොලී විලොග්බි සහෆිලිප් ෂෝෆීල්ඩ් මහජනතාව ඉදිරියේ සතුරන් බවට පත්වීමයි. රැජිණට අවසන් ගෞරව දැක්වීමේ ජනතා පෝලිමට එක්ව සිටි මෙම රූපවාහිනී නිවේදකයන්දෙදෙනා පෝලිම පැන ඉදිරියට යාමට තැත්කළ බවක් දැක්වෙන වීඩියෝවක් හුවමාරු වූ අතර, මෙමඟින් උරණ වූ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් ඔවුන් රැකියාවෙන්පවා පහකළ යුතු බවට කියමින් දස දහස් ගණනින් අත්සන් යුතු මාර්ගගත පෙත්සම් ව්‍යාපාර ආරම්භ කර තිබිණි. මෙම චෝදනාවට ප්‍රතිචාර දක්වමින් එමනිවේදකයන් දෙදෙනා පවසා තිබුණේ තමා නීතිවලට අවනතව කටයුතු කළ බවත්, ඔවුනට මාධ්‍යවේදීන් වශයෙන් ලැබෙන අවසරය වැරදි අන්දමින්අර්තකථනය කිරීමට සමාජ මාධ්‍ය කටයුතු කර ඇති බවත් ය.

•ඕස්ට්‍රේලියාවේ දීර්ඝතම සෝප් ඔපෙරාවක අවසානය සමඟ යුගයක අවසානය ද සනිටුහන් වීම

ඡායාරූප; Sky News



ඕස්ට්‍රේලියාවේ දීර්ඝතම සහ පරම්පරා කිහිපයකම ආදරය දිනා සිටි සෝප් ඔපෙරා ටෙලිනාට්‍ය මාලාවක් වන, රැම්සේ වීදියේ ජීවත් වන ඈයන්ගේ වතගොතරැගෙන ආ Neighbours එහි පළමු එපිසෝඩය විකාශය වී දශක 04 කට ආසන්න කාලයකට පසුව එපිසෝඩ 8,903ක් සනිටුහන් කරමින් අවසාන කිරීමමෙම වර්ෂයේ සිදුවිය. මෙය ඕස්ට්‍රේලියානු සෝප් ඔපෙරා රසිකයන්ට දැඩි ශෝකයක් ගෙනෙන පුවතක් වූ අතර, Neighbours සමඟ හැදී වැඩුනු පරම්පරාගණනාවක්ම එම ශෝකය සමාජ මාධ්‍යවල සටහන් කර තිබූ අයුරු දක්නට ලැබිණි. Neighbours ආරම්භ වන්නේ 1985 වර්ෂයේ වන අතර, එය කයිලිමිනෝග්, ජේසන් ඩොනොවන්, ගයි පියර්ස් සහ නැටලි ඉම්බෘග්ලියා වැනි ජනප්‍රිය රංගන ශිල්පීන් රැසකගේ රංගන ජීවිතයේ කුළුඳුල් පියවර තැබීමට ඉඩඅවකාශ සපයා දුන් වේදිකාව බවට ද පත්විය.


•නූතන යුගයේ නයිටිංගේල් ඇඩෙල්ගේ ගීත කඳුලු වෙනුවට රසිකයන් කුපිත කළ “සැබෑ” කඳුලු!

ඡායාරූප; Sky News



සංගීතයෙන් රසිකයකු හැඬවීමට සමත් ගායන ශිල්පියකු නූතන යුගයේ වේ ද, ඇඩෙල් යනු ඒ අතර පෙරමුණේ ම සිටින ගායන ශිල්පිනිය කිවහොත් වඩානිවැරදිය. නමුත් මෙවර ඇඩෙල් තම සැබෑ කඳුලු සමාජ මාධ්‍යයට මුදා හරින්නේ, එක් සජීවී ප්‍රසංගයකින් පවුම් ලක්ෂ පහක පමණ මුදලක් උපයා ගැනීමටහැකියාව තිබූ ඇගේ සජීවී ප්‍රසංග සංචාරය අවලංගු කිරීමේ පුවත නිවේදනය කරමිනි. වසර 05 ක කාලයක් පුරාවට ඇඩෙල් විසින් සජීවී ප්‍රසංග සංචාරයක්සිදුකර නොතිබූ අතර, බොහෝ කලක පටන් සැලසුම් යොදා තිබූ මෙම වසරේ සජීවී ප්‍රසංග සංචාරය එය ආරම්භ කිරීමට පැය 24 කට පෙර අවලංගු කළබව ඈ කඳුලු සලමින් සමාජ මාධ්‍ය සටහනක් තබා සිටියාය. මෙලෙස තම සජීවී ප්‍රසංග සංචාරය අවලංගු කිරීමට හේතුවී ඇත්තේ කොවිඩ් වසංගතය සහබෙදාහැරීමේ ප්‍රමාදයන් ය. මෙම පුවත ඇඩෙල් රසිකයන් අතර ශෝකයටත් වඩා කෝපය ජනිත කරවීමට සමත් වූ අතර, ඊට හේතුව නම් ඒ වන විටත් ඇතැම්රසිකයන්, ඇගේ ඇමරිකානු සංචාරය නැරඹීමට ගුවන් ටිකට්පත් පවා වෙන්කරගෙන, පවුම් දහස් ගණනින් වියදම් කරගෙන එක්සත් ජනපදය වෙත පැමිණතිබීමය.

•කැලේ පනින්න ගිහිං කෙලවගත්ත එංගලන්තේ හිටපු සෞඛ්‍ය ලේකම්!

ඡායාරූප; Sky News



I’m A Celebrity… Get Me Out Of Here! යනු බ්‍රිතාන්‍යයේ අතිශය ජනප්‍රිය රියැලිටි වැඩසටහනක් බව ඔබ දන්නවා ඇත. මූලික අවශ්‍යතා සියල්ල අහිමිකර වනාන්තරයක අතරමං කරන ජනප්‍රිය තරු කිහිපදෙනෙකු එම වනාන්තරයෙන් එළියට පැමිණීමේ තරඟයක් පෙන්වන රියැලිටි වැඩසටහනක් වන I’m A Celebrity… Get Me Out Of Here! ට බ්‍රිතාන්‍යයේ හිටපු සෞඛ්‍ය ලේකම් මැට් හැන්කොක් මහතා සහභාගී වූවාට ඔහුට පවුම් ලක්ෂ 04 ක මුදලක් ලබා දුන් බවට වාර්තා වන අතර, ඔහු මෙම රියැලිටි ටීවී වැඩසටහනට සම්බන්ධ වීම බ්‍රිතාන්‍යයේ වෙස්ට්මින්ස්ටර් හි බොහෝ දෙනෙකුගේ නොසතුටට හේතුවූවා පමණක් නොව, ඔහුගේ ඡන්ද කොට්ඨාශය වූ වෙස්ට් සෆෝක් හි බොහෝ දෙනෙකුගේ උරණ වීමට ද හේතුවිය. මැට් සම්බන්ධ වූ එපිසෝඩය දැකීමෙන් අනතුරුව ඔහුගේ ඡන්ද කොට්ඨාශයේ ඇතැම් ක්‍රියාධරයන් ඔහුට ධුරයෙන් ඉල්ලා අස්වන මෙන් ඉල්ලා ව්‍යාපාර කළ අයුරු ද දක්නට ලැබිණි. එපමණක් නොව ඔහු මෙම වැඩසටහනට සම්බන්ධ වීමට අදාළව පැමිණිලි දහස් ගණනින් ඉදිරිපත් විය. කෙසේවෙතත්, මැට් හැන්කොක් මහතා මීට ප්‍රතිචාර දක්වමින් පවසා සිටියේ, තමා එම වැඩසටහනට සම්බන්ධ වූයේ වැදගත් පණිවිඩයක් සමාජයට ලබා දීමේ අරමුණින් යුතුව බව ය.

•බෙකම්ගෙන් ගේම ඉල්ලා පවුම් 10,000 ක් ‘ඉරා දැමූ’ ප්‍රහසන ශිල්පියා ජෝ ලයිසෙට්!

ඡායාරූප; Sky News

සමරිසි විරෝධී සහ බරපතල මානව හිමිකම් උල්ලංඝනය වීම් රැසකට හිමිකම් කියන කටාර් රාජ්‍යය තුළ පාපන්දු ලෝක කුසලාන තරඟාවලිය පැවැත්වීමට අදාළව පවුම් මිලියන ගණනින් වියදම් කරන ගිවිසුමකට එළඹීමට බ්‍රිතාන්‍ය සුපිරි පාපන්දු ශිල්පී ඩේවිඩ් බෙකම් කටයුතු කිරීම සම්බන්ධයෙන් ඔහුට දැඩි සමාජ මාධ්‍ය විරෝධයක් එල්ල වූ අයුරු ඔබට මතක ඇත. බෙකම්ට එල්ල වූ මෙම විරෝධය වඩාත් කැපී පෙනෙන අන්දමින් විදහා පෙන්වූ චරිතයක් වූයේ එරට ප්‍රහසන ශිල්පියකු වන ජෝ ලයිසට් ය. බෙකම්ට අභියෝග කරමින් ජෝ පවසා සිටියේ, ඔහු විසින් මෙම ආන්දෝලනාත්මක ගිවිසුම තරඟාවලියේ පළමු තරඟය ආරම්භ වීමට ප්‍රථම අවසන් කර දැමීමට අසමත් වන්නේ නම් තම පෞද්ගලික මුදලින් පවුම් 10,000 ක මුදලක් ප්‍රසිද්ධියේ ඉරා විනාශ කර දැමීමට තමා කටයුතු කරන බවය. මෙම අභියෝගයට බෙකම් කිසිඳු පිළිතුරක් ලබා නොදුන් අතර, තරඟාවලිය ද සැලසුම් කළ පරිදි සිදුවිය. ඒ අනුව, තමා විසින් පවුම් 10,000 ක මුදලක් ප්‍රසිද්ධියේ ලී ඉරන යන්ත්‍රයක් හරහා ඉරා දමන බවට හැඟවෙන සජීවී වීඩියෝ පටයක් ජෝ විසින් සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබිණි. එම වීඩියෝ පටය සමාජ මාධ්‍ය කැළඹීමට සමත් විය. කෙසේවෙතත්, ජෝ විසින් ම පසුව අනාවරණය කර සිටියේ, බෙකම්ගේ කටාර් ලෝක කුසලාන ගිවිසුම සම්පූර්ණයෙන්ම විකාරයක් බවත්, තමා ලී ඉරන යන්ත්‍රයට සැබවින්ම පවුම් 10,000 ක මුදල් ඇතුළත් කළ මුත්, ඉන් පිටතට විනාශ වී පැමිණියේ සැබෑ මුදල් නොවන බවත් ය. ඒ වෙනුවට, තමා පවුම් 10,000 ක් විවිධ ලිංගික අනන්‍යතා ඇති ප්‍රජාවන්ගේ සුබසිද්ධිය උදෙසා පරිත්‍යාග කළ බව ද ජෝ පැවසීය. සමරිසි ප්‍රජාවගේ වීරයකු ලෙස හඳුනාගෙන සිටි ඩේවිඩ් බෙකම්ට මෙලෙස ප්‍රසිද්ධියේ යුධ ප්‍රකාශ කිරීම ඔස්සේ, ජෝ තමා සතු රසිකයන් අතර බෙදීම් ඇතිකිරීමට සමත් වූ බව ද සඳහන් ය. සබඳතා පැවැත්වීම දඬුවම් ලැබිය හැකි වරදක් වන සහ බරපතල මානව හිමිකම් උල්ලංඝනය වීම් රැසක් සිදුවන කටාරය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා විශාල ගුවන් අවකාශයක් වෙන් කරවා ගැනීමට නම් ජෝ ලයිසෙට් ගේ මෙම “මුදල් ඉරීමේ” සාවද්‍ය වෑයම සමත් වූ බව සඳහන් කළ යුතුය. ඔහු කළ ක්‍රියාවට බ්‍රිතාන්‍යයේ ලැබුණු මාධ්‍ය ආවරණය කටාරයේ මුදල් ගෙවා සිදුකළා නම් ඊට පවුම් මිලියන 03ක් වත් වැයවනු ඇති බවට විශ්ලේෂකයහු පෙන්වා දෙති.

•හිටපු One Direction සිහින කුමරා හැරී ස්ටයිල්ස්ගේ කෙළ පහර!

ඡායාරූප; Sky News

ජනප්‍රිය බෝයි බෑන්ඩ් සංගීත කණ්ඩායමක් වන වන් ඩිරෙක්ෂන් වෙතින් සංගීත ලෝකයට පිවිස මේ වන විට සංගීත ක්ෂේත්‍රය මෙන්ම හොලිවුඩයේ ද ජනාදරය එක හා සමානව ලබා ගෙන සිටින හැරී ස්ටයිල්ස් ජනප්‍රිය රංගන ශිල්පී ක්‍රිස් පයින්ට කෙළ පහරක් ගසන බව හැඟවෙන වීඩියෝවක් සමාජ මාධ්‍යවල සංසරණය වීම කාගෙත් කතාබහට ලක්ව තිබිණි. මෙම කතාබහ ඇතිවූයේ, ඔහු රංගනයෙන් දායක වූ Don’t Worry Darling චිත්‍රපටය නිකුත් වීමත් සමඟයි. මෙම චිත්‍රපටය වැනීසියේ චිත්‍රපට උත්සවයේ (Venice Film Festival) තිරගත කළ අතර, එම අවස්ථාවට හැරී ඇතුළු චිත්‍රපටයේ රංගන ශිල්පීන් සහභාගී වූ මොහොතේ එම චිත්‍රපටයට රංගනයෙන් දායක වූ ක්‍රිස් පයින්ට හැරී විසින් කෙළ පහරක් ගසන අයුරු හැඟවෙන වීඩියෝවක් සමාජ මාධ්‍යවල හුවමාරු වී තිබිණි. මෙම චිත්‍රපටය ආශ්‍රිතව ආන්දෝලනාත්මක කරුණු කිහිපයක් ද වාර්තා වී තිබූ අතර, ඒ අතර, චිත්‍රපටයට රංගනයෙන් දායක වීමට නියමිතව තිබූ රංගන ශිල්පීන් සමහරකු චිත්‍රපටය හැර යාම, සහ හැරී සමඟ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට රංගනයෙන් දායක වන ෆ්ලොරෙන්ස් පූ සහ හැරී සමඟ කෙටි කලක් ප්‍රේම සබඳතාවයක සිටි එම චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ ඔලිවියා වයිල්ඩ් අතර විරසකයක් ඇතිවීම ආදිය ඇතුළත් ය.





#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි