×

කොරෝනා මර්දනයට ක්‍රියාපිළිවෙත් නිර්මාණය කරන තරඟය තුළ බ්‍රිතාන්‍ය විද්‍යාඥයන් ජයාග්‍රාහී සංධිස්ථානයකට ළගා වෙයි.

කොරෝනා වයිරසයට එරෙහි එන්නතක් පිළිබඳ එක්සත් රාජධානියේ පර්යේෂණයට නායකත්වය දුන් විද්‍යාඥයා පවසා ඇත්තේ සාමාන්‍යයෙන් එවන් පර්‍යේෂණයකට ගතවන සංවර්ධන කාලය එනම් “අවුරුදු දෙකක" සිට දින 14 දක්වා සිය පර්‍යේෂණය ගෙන ඒමට තරම් තම කණ්ඩායම ප්‍රගතියක් දක්වා ඇති බවයි.


කොරෝනා වයිරසයට එරෙහි එන්නතක් පිළිබඳ එක්සත් රාජධානියේ පර්යේෂණයට නායකත්වය දුන් විද්‍යාඥයා පවසා ඇත්තේ සාමාන්‍යයෙන් එවන් පර්‍යේෂණයකට ගතවන සංවර්ධන කාලය එනම් “අවුරුදු දෙකක” සිට දින 14 දක්වා සිය පර්‍යේෂණය ගෙන ඒමට තරම් තම කණ්ඩායම ප්‍රගතියක් දක්වා ඇති බවයි.

ලන්ඩනයේ ඉම්පීරියල් කොලේජ් හි ශ්ලේෂ්මල ආසාදන හා ප්‍රතිශක්තිය පිළිබඳ ප්‍රධානී මහාචාර්ය රොබින් ෂැටොක් පැවසුවේ ප්‍රමාණවත් අරමුදල් ලබා ගත හොත් ගිම්හානයේදී මානව අධ්‍යයනයන් නිම කිරීමත් සමඟ සතුන් සඳහා එන්නත ලබන සතිය මුලදී ආරම්භ කිරීමට තම කණ්ඩායම සූදානම් බවයි.

“සාමාන්‍යෙන් මෙවැනි පර්‍යේෂණයක් සදහා වසර 2ක පමණ කාලයක් ගත වේ. නමුත් මේ වන විට අපට හැකියාව ලැබී තිබෙනවා දින 14ක් ඇතුළත පර්‍යේෂණ අවසන් කර නව සොයා ගැනීම ඉදිරිපත් කිරීමට” ඔහු කියා සිටියේය.

“අප ලබන සතියේදී සත්ත ආති මත මෙම එන්නත පරීක්ෂා කිරීමට බලාපොරොත්තු වන්නෙමු. ඉන්පසු එය මිනිසුන් වෙනුවෙන් භාවිතා කිරීමට බලාපොරොත්තු වෙමු. ප්‍රමාණවත් අරමුදල් වලින් අපට එය මාස කිහිපයකින් කළ හැකි යැයි අපි සිතමු” ඔහු තවදුරටත් ප්‍රකාශ කළේය.

මෙම එන්නත වර්තමාන තත්ත්වය සංසිඳවීමට ප්‍රමාද නමුත් නැවත මෙවැනි තත්වයක් වෙනුවෙන් ඉතා වැදගත් වනු ඇති බව විද්‍යාඥයන් කියාසිටියි.

චීනය, එක්සත් ජනපදය, ඕස්ට්‍රේලියාව සහ යුරෝපය යන රටවල විද්‍යාඥයින් කොරෝනා වෛරසයට පිළියමක් වන එන්නතක් නිපදවීම සඳහා තරඟ වදින අතර ක්‍රියාවලිය වේගවත් කිරීම සඳහා එකිනෙකා සමඟ සහයෝගයෙන් කටයුතු කරයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි