×

බංග්ලාදේශයේ හින්දුන්ට ප්‍රහාර

ලෝකයේ අටවන විශාලතම ජනගහනය සහිත බංග්ලාදේශයේ මිලියන 170 කට ආසන්න ජනගහනයක්වන අතර ඉන් 8%ක් හින්දුන් වේ.


සටහන: සශිකලා මධුෂාණි,
අගෝස්තු 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : අගමැතිනී ශික් හසීනා බලයෙන් පහ කිරීමේ විරෝධතාවයන් අතරතුර හින්දු සහ අනෙකුත් ආගමික සුළු ජාතීන්ට එරෙහි ප්‍රහාර සිදුව ඇති බවත් ඒවා විසඳීමට කටයුතු කරන බවත් බංග්ලාදේශ් රජය නිවේදනය කර තිබේ.

ලෝකයේ අටවන විශාලතම ජනගහනය සහිත බංග්ලාදේශයේ මිලියන 170 කට ආසන්න ජනගහනයක්වන අතර ඉන් 8%ක් හින්දුන් වේ.

හසීනා ඉන්දියාවට පලා යාමත් සමඟ ඉන්දියාව සමඟ කෝපයෙන් කටයුතු කළ විරෝධතාකරුවන් හින්දුවරුන්ට එරෙහි ප්‍රහාර, වධහිංසා පැමිණවීම් සහ කෝවිල් කඩාකප්පල් කිරීම්, කොල්ලකෑම්, දේපල ගිනිතැබීම් ආදී ප්‍රචණ්ඩ ක්‍රියා ගණනාවක් සිදු කර ඇති අතර මේ සම්බන්ධයෙන් ඉන්දියා සිය කෝපය හා අප්‍රසාදය පළකර ඇත.

මෙ වන විට නොබෙල් සාම ත්‍යාගලාභී මුහම්මද් යුනුස්ගේ නායකත්වයෙන් යුත් උපදේශක කවුන්සිලය ලෙසද හැඳින්වෙන අන්තර්වාර ආණ්ඩුව හදිසී අවශ්‍යතා රැසක් ලැයිස්තුගත කර ඇති අතර ඒ අතර අගතියට පත් සුළු ජාතීන්ගේ ගැටළු විසදීමද ප්‍රධාන කරුණක් බව කියවේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි