×

සිංගප්පූරුව ලෝකයේ ‘ස්මාට්ම නගරය‘ ලෙස නිල වශයෙන් ලෝක වාර්තා පොතට

IMD Smart Cities Index - IMD සුහුරු නගර දර්ශකය අනුව සිංගප්පූරුව ලෝකයේ ස්මාට්ම (සුහුරුතම) නගරය ලෙසට නිල වශයෙන් නම් කරයි.


IMD Smart Cities Index – IMD සුහුරු නගර දර්ශකය ලෙස හඳුන්වන්නේ ලෝකයේ ස්මාට් – එසේත් නැතිනම් සුහුරු නගර පිළිබඳ තීරණවලට එළඹීම සඳහා යොදාගන්නා දර්ශකයයි. මෙය ස්විට්සර්ලන්තයේ Swiss business school IMD සහ සිංගප්පූරුවේ තාක්ෂණික විශ්ව විද්‍යාලය – Singapore University of Technology and Design මගින් නිර්මාණය කරන ලද උපමාන අනුව සකස් කරන ලද්දකි. ඩිජිටල් තාක්ෂණයන් ලෝකයේ නගර විසින් තමන්ගේ ජීවිතවලට උචිත ලෙස හැඩ ගස්වා ගන්නේ කෙසේද සහ එමගින් එම නගරවල ජීවත් වන ජනතාවගේ ජීවන මට්ටම උසස් වී ඇත්තේ කෙසේදැයි මෙමගින් සොයා බලනු ලබයි.

ස්මාට් නගරයක් – smart city කියන්නේ මොකක්ද?

smart city,’ යන්නට විශ්වීය අර්ථ දැක්වීමක් නොමැති වුවත් මෙහිදී පහත ලක්ෂණ සලකා බැලේ.

  • මහජන ආරක්ෂාව
  • මහජනයාට නිදහසේ ඔබ මොබ යාමට ඇති හැකියාව (සංචරණ නිදහස)
  • යහපත් පාලනය
  • සෞඛ්‍යය
  • හරිත අවකාශ (ග්‍රීන් ස්පේසස්) පවත්වාගෙන යාමට නගරය දක්වන හැකියාව
  • ප්‍රාදේශීයව පවත්වාගෙන යනු ලබන කර්මාන්ත වැඩි දියුණු කර තිබේද යන්න
  • පුරවැසියන්ගේ ආරක්ෂාව තහවුරු කරන අතරවාරයේ ඩිජිටල් සේවාවන් වෙත පිවිසීමේ පහසුකම

මෙහි සරල සංකල්පය IoT හෙවත් internet of things යන්න වැඩි දියුණු කිරීමෙන් බිඳී ආවකි. ස්මාට් නගරයක්, නාගරික සේවාවන් ඩිජිටල් තාක්ෂණයේ භාවිතය හරහා වැඩි දියුණු කර සැපයීමට කැප වී සිටියි.

The smart city movement aims to transform the way we live, move and work
The smart city movement aims to transform the way we live, move and work
Image: Singapore Smart Nation and Digital Government Office

ලෝකයේ ඕනෑම නගරයකට වඩා සිංගප්පූරුව ‘ස්මාට්‘ (සුහුරු) යැයි කියන්නේ මන්දැයි දැන් සොයා බලමු.

CIO.COM
CIO.COM

1.නිරෝගී පුරවැසියන්ගෙන් නිර්මාණය වූ නිරෝගී නගරයක්

නායකයන් විසින් අනාගත සුව සේවය සැලසුම් කරන්නේ සහ හැඩ ගන්වන්නේ කෙසේද යන්න මත පුරයේ සහ පුරයේ වාසය කරන පුරවැසියන්ගේ සෞඛ්‍යමත් බව තීරණය වෙයි. නිරන්තර ඉගෙනීම, නව නිපැයුම්, ජාලගත සබඳතා සමග අදාළ විශේෂඥ සහයෝගය ලෙඩ දුක්වලදී පුරවැසියන්ට ලැබීම මෙහිදී ප්‍රධාන ය.

සිංගප්පූරුවේ ප්‍රජා කේන්ද්‍රීය සෞඛ්‍යය වැඩි දියුණු කිරීමට පදික ගමන් පථ, භූගත රථ ගාල් සහ හරිත අවකාශ රාශියක් සහිත අපූර්ව ‘සෞඛ්‍ය ගම්මානයක්‘ තිබේ. එහි නම ‘නොවිනා‘ (Healthcity Novena ) ය. එයින් නොනැවතී සිංගප්පූරු නායකයෝ හොඳම සෞඛ්‍ය සේවාවක් සිය ජනතාවට ලබා දෙන්නේ කෙසේදැයි නිරන්තරව සිතා බලති.

2. ‘‘හදවතක් සහිත ගෘහයක් නිවසකි.‘‘

සිංගප්පූරුවේ නිවාස සංවර්ධන මණ්ඩලය (HDB) වෙනස්ම ආයතනයකි. එය සිංගප්පූරුවේ සියලු පුරවැසියන් හට නොමිලේ පොදු නිවාස පහසුකම් ලබා දෙයි. එපමණක් නොව සිංගප්පූරු නායකයන් විසින් සිය පුරවැසියන් හට පිරිනමා ඇති මෙම මහල් නිවාස, නිකම්ම නිකම් තට්ටු නිවාස නොවේ. එය ප්‍රජාවන්ගෙන් නිවැසියන් හුදෙකලා නොකරයි. පවුල් ඒකකය ශක්තිමත් කරන ලෙස ඒවා බිහි කර තිබේ. ඒවා නවීන පහසුකම්වලින් ද යුක්ත ය. මේ සියල්ලේ ප්‍රතිඵලයක් ලෙස මේ වනවිට සිංගප්පූරුවේ ජනගහනයෙන් 80%ක් පමණම ජීවත් වන්නේ පොදු නිවාස සංකීර්ණවල ය.

Marina Bay Sands
Marina Bay Sands

3. ඔබ මොබ යාමේ පහසුකම පොදු ප්‍රජා අත්දැකීමකි.

කුඩා නගරයක පුරවැසියන්ගේ ජීවන තත්වය නගා සිටුවීම සඳහා සංචරණ පහසුකම දැඩි සේ බලපායි. පසුගය ඔක්තෝබර් මාසයේදී සිංගප්පූරුව ස්වයංක්‍රීය වාහන (AVs) සඳහා බටහිර සිංගප්පූරුවෙන් විශාල බිම් කඩක් වෙන් කළේය. නාගරිකයන්ට නගරය සුවහසු ගමන් බිමන් සහිත ස්ථානයක් බවට පත් කිරීම එහි අරමුණයි.

සිංගප්පූරුවේ ගොඩබිම් මාර්ග අධිකාරිය (LTA) මගින් ඉදිකර තිබෙන ගමනාගමන යටිතල පහසුක්ම අති විශිෂ්ට ය. එමගින් අති සුවපහසු දුම්රිය ගමන්, පදිකයන්ට පයින් ගමන් බිමන් යාම සඳහා පහසුකම් මෙන්ම, පාපැදිකරුවන් දිරිමත් කිරීම සඳහා ‘Walk Cycle Ride’ වැනි ක්‍රම වේදයන් ද ක්‍රියාත්මක ය. අඩු වියදම්- සුවපහසු ගමනාගමන විසඳුම් සැපයීම එහි පාලකයන්ගේ ඉලක්කයයි.

Image: REUTERS/Edgar Su – GF10000358413
  • සිංගප්පූරුව මේ වන විට ලෝකයේ වඩාත්ම තරගකාරීම සහ විවෘතම ආර්ථිකයට ද හිමිකම් කියයි.

smart වීම ඉගෙනුම් ක්‍රියාවලියකි.

මේ වසරේ හේමන්ත සෘතුවේදී සිංගප්පූරුවේ නැන්යැන්ග් තාක්ෂණික සරසවිය විසින් තරුණ ගෝලී්‍ය නායකයන්ගේ ලෝක සංසදය (Forum of Young Global Leaders) පැවැත්වීය. එහිදී ඔවුන් විසින් නැවුම් ආකෘති කිහිපයක්ම හඳුන්වා දෙන ලදී. සිංගප්පූරුව විසින් එහිදී ඉදිරිපත් කළ තේමාව වූයේ ‘ස්මාට් නගරය‘ යි.

එහිදී ලෝකයේ තෝරාගත් තරුණ නායකයන් 30 දෙනෙකුට සිංගප්පූරුවේ තෝරාගත් ස්ථාන කිහිපයක සංචාරය කරමින් එම අත්දැකීම් විඳ ගැනීමට ද ඉඩ කඩ සලස්වනු ලැබිණි. සතියක් පුරා පැවති මේ වැඩසටහනේදී නාගරික සංවර්ධනය, කළමනාකරණය මෙන්ම නායකත්වය ගැන ද පුහුණුවක් ලබාදීම සිදුවිය. එහිදී නාගරික සංවර්ධනය සඳහා තාක්ෂණය යොදාගත හැක්කේ කෙසේද යන්න ගැන විශේෂ අවධානයක් යොමු කරනු ලැබිණි. නාගරික ආර්ථිකයේ විවිධ පැතිකඩ හදාරමින්, තිරසාරත්වය අනාගත ප්‍රතිපත්ති සාධනය සඳහා යොදාගැනීම අතින් සිංගප්පූරුව අතිශය සුහුරු කම් පාමින් සිටියි. ඒ අතින් බලන විට ලංකාව සිටින්නේ එයට වඩා බොහෝ ඈත තැනක ය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි