×

බ්‍රිතාන්‍ය මහමැතිවරණයෙන් කම්කරු පක්ෂයට අමතක නොවෙන ජයක්!

සටහන – පුන්සරා ලියනගේ ජූලි 05,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):ශ්‍රීමත් කීර් ස්ටාර්මර් මහ මැතිවරණයෙන් ලේබර් පක්ෂය ජයග්‍රහණය කරා ගෙන ගොස් ඇති අතර පාර්ලිමේන්තුවේ බහුතර බලයක් ලබා ගැනීමෙන් පසු මීළඟ අගමැති පුටුවට ද ඔහු හිමිකම් කියනු ඇත. මේවන විට කම්කරු පක්ෂය මන්ත්‍රී මණ්ඩලයේ ආසන 650 න් 400 කට වඩා දිනා ගැනීමට සමත්ව තිබේ. මෙතෙක් බලයේ සිටි අග්‍රාමාත්‍ය රිෂි […]


සටහන – පුන්සරා ලියනගේ

ජූලි 05,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):ශ්‍රීමත් කීර් ස්ටාර්මර් මහ මැතිවරණයෙන් ලේබර් පක්ෂය ජයග්‍රහණය කරා ගෙන ගොස් ඇති අතර පාර්ලිමේන්තුවේ බහුතර බලයක් ලබා ගැනීමෙන් පසු මීළඟ අගමැති පුටුවට ද ඔහු හිමිකම් කියනු ඇත.

මේවන විට කම්කරු පක්ෂය මන්ත්‍රී මණ්ඩලයේ ආසන 650 න් 400 කට වඩා දිනා ගැනීමට සමත්ව තිබේ.

මෙතෙක් බලයේ සිටි අග්‍රාමාත්‍ය රිෂි සුනක්ගේ නායකත්වයෙන් යුත් කොන්සර්වේටිව් පක්ෂයට හිමිකර ගැනීමට හැකිව ඇත්තේ ආසන 110ක් පමණ සංඛ්‍යාවකි.

මෙම ජයග්‍රහණය ලේබර් පක්ෂයට දීප්තිමත් ජයග්‍රහණයක් වූ අතර, අතිවිශිෂ්ට ජයග්‍රහණය 1997 දී ටෝනි බ්ලෙයාර් දිනාගත් ආසන 419 ට වඩා අඩු වනු ඇතැයි පුරෝකථනය කර ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි