එසේ නොවුණේ නම් ඔහුගේ කාර්ය මණ්ඩලයේ සිටින රටවල් 35කට අයත් 70,000 කට රැකියා අහිමි වනු ඇත.
සිය කාර්ය මණ්ඩලයට විවෘත ලිපියක් ලියමින් ඔහු පවසන්නේ ‘දිවා රෑ නොබලා‘ වැඩ කරන බව සහ, ‘මුදල් යාමක් මිස ඒමක් නොමැති බැවින්‘ සිය ව්‍යාපාර ලාභයන් සියල්ල හැකි පමණ ආයෝජනය කරමින් ද ඔවුන්ගේ රැකියා ආරක්ෂා කර දීමට වෙහෙසෙන බවයි.
නෙකර් දූපත
මේ අනුව කැරිබියන් දූපත්වල පිහිටා තිබෙන නෙකර් දූපත (Necker Island) මෙම ගුවන් සේවය වෙනුවෙන් ඔහු සුරැකුමක් වශයෙන් උකස් කර ඇත. ඇත්තෙන්ම ඔහු එසේ කරන්නේ ගෝලීය වසංගතය හමුවේ කඩාවැටීමේ අවදානමට ලක්ව තිබෙන සිය ව්‍යාපාරික අධිරාජ්‍යය සහ එහි සේවකයන් බේරාගැනීමේ අරමුණිනි. නොඑසේ නම් මෙම ව්‍යාපාර නඩත්තු කිරීම සඳහා ඔහු විසින් රජයෙන් ලබාගෙන තිබෙන ව්‍යාපාරික ණය යනාදිය මහත් අර්බුදයකට ලක් වනු ඇත.
‘‘දශක පහකට අධික මාගේ ව්‍යාපාරික ලෝකය තුළ මා මුහුණ දුන් වඩාත්ම අභියෝගකාරී කාලය මෙයයි‘‘ යනුවෙන් ඔහු පවසයි.
‘‘මිනිසුන්ට සහ ව්‍යාපාරවලට මෙමගින් ඇති වී තිබෙන විනාශකාරී බලපෑම විස්තර කරන්නට වචන සොයාගන්නට අමාරුයි…‘‘
‘‘ව්‍යාපාරික අර්ථයෙන් ගත් විට මේ හානිය කිසිම අයුරකින් පුරෝකථනය කළ එකක් නෙවෙයි. එයින් සිදුවූ බලපෑම කොයි තරම් කාලයක් තිබේදැයි කියන්නට බැරි තරම් විශාලයි..‘‘
බිලියනපතියෙකු වන ශ්‍රීමත් රිචඩ් බ්‍රැන්සන් වර්ජින් ගෘෘප් හි හිමිකරු ය. ලෝකයේ ප්‍රථම වාණිජ පුද්ගලික අභ්‍යවකාශ සේවය වන ලෝ ප්‍රකට වර්ජින් ගැලැක්ටික් ගුවන් සේවයේ හිමිකරු ය. ඔහුගේ ව්‍යාපාරික අධිරාජ්‍යයෙන් වැඩි කොටසක් ගමනාගමන සහ විනෝදාස්වාදය සැපයීමේ අංශය ආවරණය කරයි.
ෆෝබ්ස් සඟරාවට අනුව ඔහුගේ වත්කම ඩොලර් බිලියන 4.4 ක් හෙවත් පවුම් බිලියන 3.5 කි.
කොවිඩ් වසංගතය හමුවේ සිය ව්‍යාපාර දැඩි දුෂ්කරතාවයකට මුහුණ පා ඇති බව ඔහු පිළිගනියි. උදාහරණයක් වශයෙන් ‘වර්ජින් වොයේජ්‘ නමැති ඔහුගේ අති සුපිරි නෞකාව දියත් කෙරුණේ කොවිඩ් වසංගතය විසින් යුරෝපය වෙළා ගැනීමට දින කිහිපයකට පෙර ය.
රිචඩ් බ්‍රැන්සන් ට අයත් මෙම නෞකාව දියත් කර දින කිහිපයකින් කොවිඩ් වසංගතය යුරෝපය වෙළා ගත්තේය.