×

‘Strep A’ නව බැක්ටීරියා ආසාදනය වීමක් හේතුවෙන් එක්සත් රාජධානියේ ළමුන් හය දෙනෙකු මිය යයි.

මෙම බැක්ටීරියාව ආසාදනය වීම හේතුවෙන් පුද්ගලයින් අතිශයින් රෝගාතුරවන අතර සමහර අවස්ථාවල බරපතල රෝග, සෞඛ්‍ය සංකූලතා හරහා මරණයට ලක් වේ.


ස්ට්‍රෙප් A නමින් හැඳින්වෙන නව බැක්ටීරියා රෝගයක් ආසාදනය වීමෙන් එක්සත් රාජධානියේ ළමුන් හය දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ.


මෙය ආක්‍රමණශීලී කාණ්ඩයේ A streptococcal රෝගය ලෙස හ‌ඳුනාගෙන ඇති අතර සාධනය වීම හේතුවෙන් පුද්ගලයින් අතිශයින් රෝගාතුරවන අතර සමහර අවස්ථාවල බරපතල රෝග, සෞඛ්‍ය සංකූලතා හරහා මරණයට ලක් වේ.


මෙය ස්පර්ෂය, කැස්ස සහ කිවිසුම් මඟින් ආසාදිත පුද්ගලයෙකුගෙන් තවත් අයෙකුට බෝ විය හැකි අතර ස්ට්‍රෙප් A නිසා ඇති වන බොහෝ සෞඛ්‍ය ගැටලු සමේ ආසාදනය impetigo, උණ සහ උගුරේ අමාරුව ඇතුළත් වේ. උගුරේ අමාරුව සාමාන්‍ය තත්වයකට වඩා වෙනස් වන අතර, වේදනාව ඉතා ඉක්මනින් පැමිණිය හැකිය. ගිලින විට වේදනාව, උණ සහ රතු සහ ඉදිමුණු ටන්සිල් සමහර විට සුදු පැල්ලම් හෝ සැරව ගැටිති සහ බෙල්ලේ ග්‍රන්ථි ඉදිමීම ප්‍රධාන වශයෙන් දක්නට ලැබේ.

බැක්ටීරියාව ආසාදනය වීමෙන් පැය 12 ත් 48 ත් අතර කාලයකට පසුව පපුවේ සහ ආමාශයේ වේදනාවන් ඇති වන අතර පසුව එය පැතිරෙයි. දිවේ සුදු පැහැති ආලේපනයක් ද දිස්වන අතර එමඟින් දිව රතු, ඉදිමී සහ කුඩා ගැටිති වලින් වැසී ඇති අතර එය බොහෝ විට “ස්ට්‍රෝබෙරි දිව” ලෙස හැඳින්වේ. රෝගය ජීවිතයට තර්ජනයක් වන ආසාදනයක් බවට පත්විය හැකි අතර, බැක්ටීරියා පෙනහළු, රුධිරය හෝ මාංශ පේශි වැනි ශරීරයේ කොටස් ආක්‍රමණය කරයි.


ස්ට්‍රෙප් A ආසාදනය වූවන් වෙනුවෙන් ප්‍රතිජීවක ඖෂධ ලබා දෙන අතර පැය 24ක ප්‍රතිකාරයෙන් පසු, සාමාන්‍යයෙන් ආසාදිතයන්ගෙන් තවදුරටත් බෝ නොවන බවට අපේක්ෂා කෙරේ.


එක්සත් රාජධානියේ සෞඛ්‍ය ආරක්ෂක ඒජන්සියේ (UKHSA) නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය කොලින් බ්‍රවුන් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබුණේ A කාණ්ඩයේ ස්ට්‍රෙප් රෝගීන් වැඩි සංඛ්‍යාවක් දකින බවයි. ක්ෂුද්‍රජීව විද්‍යාඥයින් විශ්වාස කරන්නේ මෙය බොහෝ විට පාසල් වයසේ ළමුන් අතර සම්ප්‍රේෂණයේ වැඩි වීමක් අත්විඳිය හැකි හෙයින්, දෙමාපියන් රෝග ලක්ෂණ ගැන විමසිල්ලෙන් සිට හැකි ඉක්මනින් වෛද්‍යවරයකු හමුවීම වැදගත් වන අතර එමඟින් තම දරුවාට ප්‍රතිකාර කළ හැකි අතර ආසාදනය බරපතල වීම නැවැත්විය හැකි බවයි.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි