×

ඉස්තාන්බුල්හි පිපිරීමකින් හය දෙනෙක් මිය ගොස් 53 දෙනෙකුට තුවාල

මේ සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු සිදුවෙමින් පවතින අතර, ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු භාරගෙන නොමැත.


තුර්කියේ ඉස්තාන්බුල් හි කාර්යබහුල ඉස්තික්ලාල් මාවතේ සිදුවූ පිපිරීමකින් පසු අවම වශයෙන් හය දෙනෙකු මියගොස් තවත් 53 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.


අන්තර්ජාලයේ පළ කරන ලද වීඩියෝවක, විශාල ශබ්ධයක් සමඟ පදිකයන් ඒ මේ අත දිව යන දර්ශන දක්නට ලැබේ. එමෙන්ම ගිලන්රථ, ගිනි නිවන රථ සහ පොලිසිය එම ස්ථානයේ සිටින බව පෙන්නුම් කරයි.


මෙම පිපිරීම සම්බන්ධයෙන් ටිව්ටර්හි පණිවුඩයක් නිකුත් කරමින් පාකිස්තාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් සිය ශෝකය ප්‍රකාශ කර තිබේ. තුර්කියේ ජනතාවගේ අහිමි වූ ජීවිත වෙනුවෙන් ගැඹුරු ශෝකය හා තුවාල ලැබූවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන බව එහි පවසා තිබේ.


මේ සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු සිදුවෙමින් පවතින අතර, ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු භාරගෙන නොමැත.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි