×

නව ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ස්කොට්ලන්තයෙනුත් – ආසාදිතයන් 06 දෙනෙකු වාර්තා වෙලා

කොවිඩ් වෛරසයේ විකෘතියක් ඇතිවීම මත හටගත් නව ඔමික්‍රොන් නම් ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයන් සය දෙනෙකු ස්කොට්ලන්තයෙන් වාර්තා වී තිබේ.


ඒ බව ස්කොට්ලන්ත සෞඛ්‍ය බලධාරීන් විසින් තහවුරු කර ඇති අතර, මේ දැනටමත් එංගලන්තයෙන් වාර්තා වූ ආසාදිතයන් තිදෙනාට අමතරව වාර්තාවන ආසාදිතයන් සය දෙනෙකි.

මෙම ආසාදිතයන් සය දෙනාගෙන් පුද්ගලයන් සතර දෙනෙකු ස්කොට්ලන්තයේ ලැනාර්ක්ෂයර් ප්‍රදේශයෙන් ද, දෙදෙනෙකු ග්‍රේටර් ග්ලෑස්ගෝ හා ක්ලයිඩ් ප්‍රදේශ වලින් ද වාර්තා වී තිබේ.

මෙම පුද්ගලයන්ට වෛරසය ආසාදනය වී තිබෙන්නේ කෙසේද යන්න පිළිබඳව මෙතෙක් තහවුරු කර නොමැත.

මේ සමඟ ස්කොට්ලන්තයේ සෞඛ්‍ය බලධාරීන් එරට පුද්ගලයන්ගේ ආරක්ෂාව පිළිබඳව අවධානය යොමුකරමින් සිටින බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එමෙන්ම වෛරසය රට තුළට ඇතුළු වූයේ කෙසේද යන්න පිළිබඳව හා ආසාදිතයන් හරහා වෙනත් පුද්ගලයන්ට වෛරසය ව්‍යාප්ත වූයේ ද යන්න පිළිබඳව පරීක්ෂා සිදුකෙරෙමින් පවතින බව ද ඔවුහු අවධාරණය කරති.

කොවිඩ් වෛරසයේ විකෘතියක් මත හටගත් නව ඔමික්‍රෝන් ප්‍රභේදය මිනිසුන් ට ඇතිකරන බලපෑම කෙබඳුද යන්න හෝ එන්නත්කරණය ඊට ප්‍රතිචාර දක්වන්නේ ද යන්න පිළිබඳව තවමත් පැහැදිලි අනාවරණයක් සිදුකර නොමැති අතර ඒ පිළිබඳව පර්යේෂණ සිදුවෙමින් පවතී.

එමෙන්ම ඔමික්‍රෝන් ප්‍රභේදය රටට ඇතුළුවීමත් සමඟ එක්සත් රාජධානිය එරටට ඇතුළු වීමට අනිවාර්ය පීසීආර් පරීක්ෂණ සිදුකිරීම ක්‍රියාවට නැංවූ අතර, එම ක්‍රියාවලියම ස්කොට්ලන්තය විසින් ද අනුගමනය කරනු ලබන බවට ස්කොට්ලන්ත බලධාරීහු වැඩිදුරටත් පවසති.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි