×

දකුණු කොරියාව මාස තුනකට පසු පාසල් විවෘත කරයි

අදියර කිහිපයකින් හා ආරක්‍ෂිත උපක්‍රම අනුගමනය කරමින් පාසල් විවෘත කිරීමට කටයුතු කර තිබෙන බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.


Covid 19 ව්‍යාප්තියෙන් මාස තුනකට පසු දකුණු කොරියාවේ පාසල් නැවත විවෘත කිරීම ඊයේ (20) දින සිට සිදුව තිබේ.

අදියර කිහිපයකින් හා ආරක්‍ෂිත උපක්‍රම අනුගමනය කරමින් පාසල් විවෘත කිරීමට කටයුතු කර තිබෙන බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.

පැවති ක්‍රමවේදයෙන් බැහැරව යමින් දරුවන් පාසල්වලට කැඳවා ඇති අතර ප්‍රථමයෙන් ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයන්ට පාසල් විවෘත කර ඇත.

මුහුණු ආවරණ සහිතව පාසලට පැමිණිය යුතු අතර ඔවුන් පාසලට පැමිණි විට උෂ්ණත්වය පරීක්ෂා කිරීම ද සිදුවෙයි.

එමෙන්ම සමාජ දුරස්ථභාවය පවතින ලෙස ඔවුන්ට අධ්‍යාපනය ලැබීමට පහසුකම් සලසා තිබේ.

කෙසේවෙතත් සෝල් අගනුවර ආසන්නයේ පිහිටි ඉන්චියොන් හි පාසල් රැසක් ආරම්භ කර පැය කිහිපයකින් නැවත වසා දමා ඇත්තේ ශිෂ්‍යයින් දෙදෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමඟය.

දකුණු කොරියාව තුළ මේ වන විට වෛරසය වුවන් 11,000කට වැඩි පිරිසක් වාර්තා වී තිබෙන අතර මරණ 264ක් වාර්තා වී ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

පාසල් විවෘත කිරීම හරහා කොරෝනා අවදානම පහව ගොස් ඇති බව නොකියවුණද ක්‍රමානුකූලව යථා තත්ත්වයට අවශ්‍යතාව දැඩිව මතුව තිබෙන බව ඉන් පෙනෙන්නට ඇතැයි විදෙස් වාර්තා අවධාරණය කරයි.

දකුණු කොරෝයාවේ පමණක් නොව මේ වන විට නවසීලන්තය ද සති 08ට පසු පසුගිය සඳුදා පාසල් විවෘත කරන ලදී.

ඔස්ට්‍රේලියාවේද ඇතැම් ප්‍රදේශවල පාසල් ආරම්භ කර තිබෙන බව සඳහන්.

මේ වන විට චීනයේ වුහාන් හි ද පාසල් ආරම්භ කර ඇත.

LNW



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි