×

ඉපදී වසරකට පසු ගෙදර යන ලොව කුඩාම බිළිඳා

ඉපදෙන විට මේ බිළිඳා ගේ බර ග්‍රෑම් 212 ක් පමණක් විය. මේ බර ප්‍රමාණය දළ වශයෙන් සමාන වන්නේ ඇපල් ගෙඩියක බරට ය.


‘ලොව කුඩාම බිළිඳා‘ ලෙස ලොව පුරා ශීර්ෂපාඨ මැවූ මේ සිංගප්පූරු පොඩිත්තිය පුරා මාස 13 ක් රෝහලේ ගත කිරීමෙන් පසුව ගෙදර ගියාය.

මීට පෙර උපතේදී ලොව කුඩාම බිළිඳා ලෙස සැලකුණේ 2018 වසරේ ඇමරිකාවේ උපන්, ග්‍රෑම් 245 ක් බර දියණියකි.

පුංචි ඇපල් ගෙඩිය ඇපල් මලක් වූ හැටි

ක්වෙක් යූ සුවාන් නමැති මේ බිළිඳු පොඩිත්තියගේ දිවි රැක ගැනීමට හැකි වීම වෛද්‍ය විද්‍යාවේ ආශ්චර්යයක් සේ සැලකේ. ඇය පුරා මාස 13 ක් ඇයට ප්‍රතිකාර කෙරුණේ සිංගප්පූරුවේ NUH හි දැඩි සත්කාර ඒකකයේ ය. NUH හෙවත් සිංගප්පූරුවේ ජාතික සරසවි රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් පවා එදා කීවේ මෙසේ ය. ‘‘දරුවගෙ පණ රැක ගන්න බොහොම සීමා සහිත අවස්ථාවක් තමයි, තියෙන්නෙ…‘‘

සාමාන්‍යයෙන් මවගේ කුස තුළ සති 40 ක් ගත කළ යුතු වුවත්, ඇය සති 25 කින් මෙලොව බලා ඒමට තීරණය කර තිබිණි.

ඒ සඳහා ඇගේ මවට හදිසි සිසේරියන් සැත්කමකට මුහුණ දීමට සිදු විය. මවගේ දිවි රැක ගැනීම සඳහා ඇයව එසේ බිහි කර ගැනීම අවශ්‍ය වුණේ ඇගේ මව අවදානම් සහගත අධි රුධිර පීඩන තත්වයකින් (pre-eclampsia) පීඩා විඳි නිසා ය. දරු ප්‍රසූතියේදී මේ තත්වය දිගින් දිගටම පැවතියේ නම් එයින් මව සහ බිළිඳා යන දෙදෙනාගේම වැදගත් අවයව සහ ඉන්ද්‍රියන්ට හානි වීමට ඉඩ තිබිණි.

උපතේදී විවිධ සංකූලතා සහිතව සිටියත් ඇය කෙමෙන් සුවපත් වූවාය. යන්ත්‍ර ගණනාවකට මැදිව හුස්ම ගත්තාය. තවමත් පෙණහළුවල නිදන්ගත රෝගී තත්වයකින් පෙළුණත්, නිවසේදී ලැබෙන සත්කාර මැද ඇය හොඳින් හුස්ම ගනු ඇත. කාලයත් සමග වැඩෙත්ම එම සංකූලතා ඉවත්ව යනු ඇතැයි වෛද්‍යවරු බලාපොරොත්තු සහගත ව සිටිති.

 

නමුත් ඇය, කෝවිඩ්-19 වසංගතය හමුවේ දුර්මුඛ වූ ලෝකයට බලාපොරොත්තුව ගෙන ආවාය. ඇගේ රෝහල් බිල සිංගප්පූරු ඩොලර් 366,884 ($270,601; £195,188) ක් විය. ඒ සියලු මුදල්, ඇය වෙනුවෙන් අන්තර්ජාලය හරහා සිදුකළ අරමුදල් එක්රැස් කිරීමකදී වැඩි පරිශ්‍රමයකින් තොරවම එකතු කර ගැනීමට හැකි වී තිබේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි