×

Smart Life 1 – ඕඩියෝ සන්ග්ලාස් – Audio Sunglasses

ස්මාට් විදිහට සමාජය ඉදිරියේ පෙනී සිටින්න අපි කවුරුත් කැමතියි. තමන්ගෙ පෞරුෂය ඉහළ නංවාගන්න, ආත්ම විශ්වාසයෙන් යුතුව සමාජයේ සැරිසරන්න අපි කවුරුත් කැමතියි. මේ ලිපි මාලාව ස්මාට් විදිහට කැපී පෙනෙන්න කැමති කොයි කවුරුත් වෙනුවෙන්.


සන්ග්ලාසස්, එහෙමත් නැතිනම් අව් කණ්නාඩි පළඳින්න ආසියාතිකයන් වන අපි කවුරුත් කැමති බව අමුතුවෙන් කියන්න උවමනා නැහැ. විශේෂයෙන්ම සමකාසන්න රටවල්වල ජීවත් වන අපි දහවල් කාලයේ අව් රශ්මිය සහ දැඩි හිරු රැස් එක්ක ලොකු සටනක් කරනවා. වැසි කාලය හැරුණාම අපේ රටවල උදෑසන 10 පමණ වන විට අව්ව සමගත් එළිමහනේදී ලොකු සටනක් කළ යුතුයි. වෙරළාසන්න ප්‍රදේශවල ඇවිදින්න ගියවිටත් එය එසේමයි. ඒ නිසාම වෙළඳපොළේ පදික වේදිකාවේ පටන් සුපිරි වෙළඳසල් දක්වා හැම එකකම මේ වන විට අව් කණ්නාඩි පිරුණු රාක්ක හෝ අව් කණ්නාඩි පේළි දැකගන්න පුළුවන්.

නමුත් මේවායේ ප්‍රමිතිය ගැන තිබෙන්නේ ලොකු ප්‍රශ්නයක්. ‘පිට කොටුවෙන් ගන්න සන් ග්ලාස්‘ යනුවෙන් වෙනම යෙදුමක් පවා මේ වනවිට ලාංකේය සමාජයේ පවතින බව අපි හැම කෙනෙක්ම දන්නවා. මොකක්ද මේවයෙ තියෙන අවුල? ඇත්තටම ගැටළු රාශියක් තිබෙනවා. ලොකුම ගැටළුව එන්නේ ඒවායේ ප්‍රමිතිය සහ සෞඛ්‍යාරක්ෂිත බව සම්බන්ධයෙන්. ප්‍රමිතියෙන් අඩු, එහෙමත් නැතිනම් බාල අව් කණ්නාඩි, ෆෝකස් අවුට් වුණු ඇස් කණ්නාඩි යුගළක් පාවිච්චි කරනවාටත් වඩා භයානකයි. එයින් ඔබේ ඇස් පෙනීමට ලොකු හානියක් කරන්න පුළුවන්. සමහර ප්‍රමිතියෙන් අඩු අව් කණ්නාඩි පළඳින අය කියන කතාවකට අනුව, පොළොවේ මට්ටම පවා ඒවා පළඳින විට වෙනස් වෙලා පේනවා. මේක අනතුරුදායක බව ඔබට අමුතුවෙන් කිව යුතුනැහැ.

ඒ නිසාම ඉහළ ප්‍රමිතියෙන් යුතු අව් කණ්නාඩිවලට ලෝකයේ තිබෙන්නේ ඉහළ තැනක්. ඊටත් වඩා ඉහළ තැනක් දැන් හිමිවෙමින් තිබෙන්නේ හයි ටෙක්, එහෙමත් නැතිනම් අධි තාක්ෂණික අව් කණ්නාඩිවලටයි.

‘අනාගත ලෝකයේ අව් කණ්නාඩි‘ විදිහටත් නම් කරන ඕඩියෝ සන් ග්ලාසස් ගැනයි අද කතාව. ගිම්හාන සමයට කෙනෙකුට මිලදී ගත හැකි හොඳම අව් කණ්නාඩි යුවළ (the best summer accessory ) විදිහටත් මෙය ලෝකයේ දැන් ජනප්‍රියයි.

මේවායේ විශේෂත්වය මේවා වයර්ලස් ඉයර් බඩ්ස් wireless earbuds එක්ක නිපදවා තිබෙන්නේ එක වර වැඩ දෙකක් කර ගැනීම සඳහායි. ඒ කියන්නේ හිරු රැස් ඇස්වලින් ආවරණය කරන ගමන්ම, පෙර කිව්ව ඕඩියෝ ගැජට් එක මගින් සංගීතයත් ප්ලේ කිිරීම කරනවා. හිතන්න, ඔබ කැමති ගීත ප්ලේ කරන සන්ග්ලාස් ෆ්රේම් එකක් ගැන! මෙහිදී සිද්ධ වෙන්නෙ, මේ සන්ග්ලාස් යුගළයෙ frame එක මගින් ඔබේ ජංගම දුරකථනයට Bluetooth connection එකක් මගින් සම්බන්ධ වීමයි. ඒ වගේම ඒ සංගීතය ඇහෙන්නේ ඔබට පමණයි. ඒකයි, wireless earbuds තාක්ෂණයත් මේ අව් කණ්නාඩිවල අඩංගු බව මුලින් පැවසුවේ. ස්පීකර්ස් සහ ඒ ආශ්‍රිත උපාංග තාක්ෂණය ඇසුරේදී නැතිවම බැරි නමක් බවට පත්ව තිබෙන Bose සමාගම මේ අව් කණ්නාඩි යුගළ නිපදවීමට මුල් වී තිබෙනවා. ඔවුන් ඒ සඳහා වගකීම් සහතිකයකුත් ලබා දෙනවා.

සාමාන්‍යයෙන් ඉතා හොඳ අව් කණ්නාඩි යුගළක වෙළඳපොළේ මිල ඔබ දන්නවා. නමුත් මේ හයිටෙක් උපාංගය ඒ අනුව බලනවිට ලංකා මුදලින් රුපියල් තිස් දහසක් පමණ වීම, ස්මාට් විදිහට ඉන්න කැමති මේ පරාසයේ ගනුදෙනුකරුවන්ට ගැටළුවක් වන එකක් නැහැ.

Audio Sunglasses – with Bluetooth Connectivity




#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි