×

දුමට ලොල් වූ ඔබට ටොක්කක්!

සටහන: පුන්සරා ලියනගේ 2025 ජනවාරි 01, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):දුමට ලොල් වූ ඔබට ටොක්කක් මෙන් ඩිජිටල්කරණය වන ලෝකයේ නවමු නිෂ්පාදනයක් දුම් පානයට ඇබ්බැහිවූවන් වෙනුවෙන් සොයාගෙන ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි. දුම්පානය නතර කිරීමට මිනිසුන්ට උපකාර කිරීම සඳහා ස්මාර්ට් ඔරලෝසු භාවිතා කළ හැකි බව මෙලෙස අධ්‍යනයකින් හෙළි වී ඇත. මේ සඳහා පර්යේෂකයන් විසින් යමෙකු සිගරට් එකක් අතැතිව සිටින […]


සටහන: පුන්සරා ලියනගේ

2025 ජනවාරි 01, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):දුමට ලොල් වූ ඔබට ටොක්කක් මෙන් ඩිජිටල්කරණය වන ලෝකයේ නවමු නිෂ්පාදනයක් දුම් පානයට ඇබ්බැහිවූවන් වෙනුවෙන් සොයාගෙන ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

දුම්පානය නතර කිරීමට මිනිසුන්ට උපකාර කිරීම සඳහා ස්මාර්ට් ඔරලෝසු භාවිතා කළ හැකි බව මෙලෙස අධ්‍යනයකින් හෙළි වී ඇත.

මේ සඳහා පර්යේෂකයන් විසින් යමෙකු සිගරට් එකක් අතැතිව සිටින විට සිදුවන සාමාන්‍ය අත් චලනයන් පවා හඳුනාගත හැකි සංවේදක මෘදුකාංගයක් නිපදවා තිබේ.

එහිදී සිගරට් භාවිතා කරන විට සංවේදකයන් ක්‍රියාත්මක වී, ස්මාර්ට් ඔරලෝසු තිරය මත අනතුරු ඇඟවීමේ සංඥාවක් දැල්වේ.

නව ස්මාර්ට් උපාංගයේ ඇති යෙදුමක් මඟින් දුම් පානය කරන්නන් හට දුම්පානය නැවැත්වීමට සහාය ලබා දෙන බව ඔවුන් පෙන්වා දෙයි.

බ්‍රිස්ටල් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් විශ්වාස කරන්නේ ඔවුන්ගේ මෙම ස්මාර්ට් යෙදුම, සම්පූර්ණයෙන්ම ස්මාර්ට් ඔරලෝසුවක් මත ක්‍රියාත්මක වන සහ ස්මාර්ට් ජංගම දුරකතනයක් සමඟ සම්බන්ධ වීමට අවශ්‍ය නොවන දුම්පානය පාලනය කිරීම වෙනුවෙන් සැකසුනු පළමු කාලීන මැදිහත්වීම බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි