×

ඕස්ට්‍රේලියානු බුෂ්ෆයර් දුම් නවසීලන්ත අහස භයංකාර කහ පැහැයකට හරවයි!

ඕස්ට්‍රේලියාවේ දැවැන්ත බුෂ්ෆයර් වලින් ඉවතට හමායන දුමාරය මේ වන විට නවසීලන්තය දක්වා කිලෝමීටර් 2,000 ක් (සැතපුම් 1,200 ක්) ගසාගෙන ගොස් තිබේ.


ඕස්ට්‍රේලියාවේ දැවැන්ත බුෂ්ෆයර් වලින් ඉවතට හමායන දුමාරය මේ වන විට නවසීලන්තය දක්වා කිලෝමීටර් 2,000 ක් (සැතපුම් 1,200 ක්) ගසාගෙන ගොස් තිබේ. වාර්තාගත උෂ්ණත්වය සහ මාස ගණනක නියඟය හේතුවෙන් ඔස්ට්‍රේලියානු වැසියන් මේ වන විට දැඩි පීඩාවකට පත්ව සිටියි.

මෙම දුමාරය ප්‍රථම වරට නවසීලන්තයේ දකුණු දූපතට ළඟා වූයේ දෙසැම්බර් 31 වනදා ය. එතැන් පටන්, දකුණේ සුප්‍රසිද්ධ ග්ලැසියර නොපෙනී ගොස් ඇති අතර, උතුරු දූපත හි සුන්දර නිල්වන් අහස භයංකාර ස්වරූපයකට හැරීමට ආරම්භ වී ඇත.

ඕස්ට්‍රේලියානු ප්‍රාන්ත කිහිපයක විශාල ප්‍රදේශ ගිනිබත් කර ඇති බුෂ් ගින්නෙන් අවම වශයෙන් පුද්ගලයින් 18 දෙනෙකු මේ වන විට මිය ගොස් ඇති බව තහවුරු කර ඇත. පුද්ගලයන් කිහිප දෙනෙකු තවමත් අතුරුදහන් වී ඇති අතර ඉදිරි සති අන්තයේ තත්වය වඩාත් නරක අතට හැරෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි