×

වූහානයෙන් පිට වීම තහනම්! රෝග ප්‍රභවය චීන සර්ප විශේෂයක්?

චීනයේ අවම වශයෙන් පුද්ගලයින් 17 දෙනෙකු මියගොස් ඇති අතර වුහාන් කොරෝනා වෛරසය ආසියාව පුරා සහ ලොව පුරා ව්‍යාප්ත වීම නිසා 500 කට අධික සංඛ්‍යාවක් ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.


චීනයේ අවම වශයෙන් පුද්ගලයින් 17 දෙනෙකු මියගොස් ඇති අතර වුහාන් කොරෝනා වෛරසය ආසියාව පුරා සහ ලොව පුරා ව්‍යාප්ත වීම නිසා 500 කට අධික සංඛ්‍යාවක් ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

වෛරසය පැතිරීම නැවැත්වීම සඳහා මිලියන 11 ක ජනගහනයක් සිටින නගරය බ්‍රහස්පතින්දා සිට අර්ධ වශයෙන් අගුලු දමා ඇත. ඒ අනුව වූහාන් වැසියන්ට නගරයෙන් හෝ රටෙන් පිට වීම තහනම් කර තිබේ.

එක්සත් ජනපදය පසුගිය අඟහරුවාදා මෙම වෛරසය වැළදුණු සිය පළමු රෝගියා ප්‍රකාශයට පත් කළ අතර ගුවන් තොටුපලවල සෞඛ්‍ය පරීක්ෂණ ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ. එක්සත් රාජධානිය, ඕස්ට්‍රේලියාව, සිංගප්පූරුව, ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ තවත් රටවල් ගණනාවක ද ගුවන් තොටුපළ පරීක්ෂණය අරඹන බව නිවේදනය කර තිබේ.

නවතම සොයාගැනීම් වලට අනුව වාර්ථා වන්නේ මෙම වසංගතයට බලපෑ මූලික ප්‍රභවය ලෙස සර්පයන් – චීන ක්‍රයිට් සහ චීන නාගයා සැක කරන බවයි. තායිවාන ක්‍රයිට් හෝ චීන ක්‍රයිට් (බංගරස් මල්ටිසින්ටස්) ලෙසද හැඳින්වෙන බොහෝ පටි සහිත සිරුරක් ඇති මධ්‍යම හා දකුණු චීනයේ සහ අග්නිදිග ආසියාවේ බොහෝ ප්‍රදේශවල දක්නට ලැබෙන ඉතා විෂ සහිත සර්ප විශේෂයකි.

මේ පිලිබදව තවදුරටත් පර්‍යේෂණ කෙරෙමින් පවතී.

මැකාවෝ සෞඛ්‍ය කාර්යාංශය මේ වන විට ප්‍රකාශ කර ඇත්තේ වුහාන් කොරෝනා වෛරසයේ දෙවන සිද්ධිය නගරය තුළ හඳුනාගෙන ඇති බවයි.නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය කාර්යාංශය පවසන්නේ රෝගියා වුහාන්හි 66 හැවිරිදි පිරිමි සංචාරකයෙකු බවයි. මැකාවෝ වෙත පැමිණෙන විට ඔහු පරීක්ෂාවට ලක් කළ අතර එහිදී ඔහුට ඉහළ උෂ්ණත්වයක් ඇති බව නිලධාරීන් විසින් අනාවරණය කරන ලදී. ඔහුව වහාම රෝහලට යවන ලද අතර එහිදී ඔහු වෛරසය ආසාදනය වූවෙක් බව පරීක්‍ෂා විය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි