×

ට්‍රම්ප්ට ස්නැප්චැට් වරම් ද සදහටම අහිමි වෙයි!

භාෂණයේ නිදහස සඳහා යොදා ගන්නා යෙදුම් (Parler apps) සිය වෙළඳපලින් ඉවත්කිරීමට ගූගල් සහ ඇපල් සාමාගම් කටයුතු කරන ලදී.


ස්නැප්චැට් නම් සමාජ මාධ්‍ය ජාලය ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ ගිණුම සදහටම අත්හිටුවා තිබේ.

ඇමරිකානු ජනපතිවරයා ගේ මෑත කාලීන ක්‍රියාකලාපය සහ ඉකුත් ජනවාරි 6 වන දින එහි හිනිපෙත්ත පෙන්වූ බිහිසුණු කැපිටල් හිල් කෝලාහලය අරඹයා සමාජ මාධ්‍ය ජාලා වලින් ඔහු ඉවත් කළ යුතු ය යන මතය ජනගත වී තිබිණි.

මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාල ක්‍රියාකරුවන් කළ ඉල්ලීමට ප්‍රතිචාරයක් වශයෙන් ස්නැප්චැට් සමාගම මෙම පියවර ගෙන තිබේ.

එම මොහොතේ සිදුවන යම් සිදුවීමක් සුළු කාලයක් සජීව විකාශය සඳහා යොදා ගැනීම අනෙකුත් සමාජ මාධ්‍ය ජාලා අතර ස්නැප් චැට් සුවිශේෂී වීමට හේතුවකි.

මෙම හේතුව නිසා එළඹෙන ජනවාරි 20 වන දින එක්සත් ජනපදයේ 46 වන ජනපති ලෙස ජෝ බයිඩන් මහතා ධුරයේ දිව්රුම් දීමට ප්‍රථම කුමන හෝ අන්දමක කඩාකප්පල්කාරී ක්‍රියාවක් සිදුකිරීමට ට්‍රම්ප් පෙළඹෙනු ඇතිය යන නිගමනය තුළ ඉහත තීරණය ගෙන ඇත.

ට්‍රම්ප් ගේ ස්නැප් චැට් ගිණුම තාවකාලිකව අත්හිටුවීමට එම සමාගම ඉකුත් සතියේ කටයුතු කර තිබිණි.

එහෙත් වෛරය හා ප්‍රචණ්ඩත්වය ප්‍රවර්ධනය වන අන්දමේ තොරතුරු ජනගත කිරීමට ඔහු කටයුතු කළ නිසාත්, සමාජ මාධ්‍ය ජාල සදාචාරයන් උල්ලංඝනය වන අන්දමේ හැසිරීම් දිගින් දිගටම පෙන්වන නිසාත් ට්‍රම්ප් මහතා ගේ ස්නැප් චැට් ගිණුම සදහටම අත්හිටුවා දැමීමට එම සමාගම කටයුතු කළ බවට අද (14) දින පළවූ විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

වොෂිංටන් හි කැපිටල් හිල් සිදුවීමෙන් අනතුරු ව ෆේස්බුක්, ට්විටර් ඇතුළු බොහෝ සමාජ මාධ්‍ය ජාල ට්‍රම්ප් මහතා ගේ ගිණුම් අත්හිටුවීමට කටයුතු කරන ලදී.

භාෂණයේ නිදහස සඳහා යොදා ගන්නා යෙදුම් (Parler apps) සිය වෙළඳපලින් ඉවත්කිරීමට ගූගල් සහ ඇපල් සාමාගම් ඉකුත් දින කටයුතු කරන ලදී.

මීට හේතුව වශයෙන් ඔවුන් දැක්වූයේ දක්ෂිණාංශික මතධාරීන් ප්‍රචණ්ඩත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා එම යෙදුම් යොදා ගැනීමට පෙළඹ ඇති බවයි.

කැපිටල් හිල් සිදුවීමත් සමඟ ට්‍රම්ප්වාදීන් ඇතුළු එදින හටගත් ප්‍රචණ්ඩත්වය සාධාරිණීකරණය කරන පාර්ශවයන් මෙම Parler යෙදුම් යොදා ගැනීමේ ප්‍රවණතාවක් ඇති බවට එම සමාගම් අවධාරණය කරයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි