×

ස්පාඤ්ඤ මැතිවරණයේ ජය සමාජවාදී කම්කරු පක්ෂයට

සමස්ත ඡන්ද අතරින් 30% ජයක්.



ස්පාඤ්ඤයේ පාලක පක්ෂය වන සමාජවාදී කම්කරු පක්ෂය Socialist Workers’ Party (PSOE) මෙවර මැතිවරණයේදීද සිය ජයග්‍රහණය තහවුරු කර ඇත. මේ වන විට ඡන්ද ගණන් කිරීම 99.9% ක් අවසන් කර ඇති අතර ඒ අනුව ආසන 123ක ජයක් කම්කරු පක්ෂයට ලැබී ඇත. ප්‍රතිවාදී පක්ෂය වූ මධ්‍යස්ත දක්ෂිණාංශික පක්ෂය වූ ජනතා පක්ෂය People’s Party (PP)ආසන 66කි.

සමාජවාදී කම්කරු පක්ෂයේ නායක ස්පාඤ්ඤයේ හිටපු අගමැති පෙඩ්රෝ සැන්චේස් සිය ජයග්‍රහණය පිළිබදව පැවසුයේ ” මෙම ජයග්‍රහණයත් සමග අනාගතය ජය ගෙන ඇති බවයි” කෙසේ වෙතත් මෙවර කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ හැකි වූයේ 30% වැනි අඩු ප්‍රතිශතයක වැඩි ඡන්ද ප්‍රමාණයකිනි.

විපක්ෂයේ නායක පැබ්ලෝ කැසඩෝ පවසා සිටියේ තමන් ඉදිරියේදී විපක්ෂය මෙහෙයවමින් කටයුතු කරනු ඇති බවයි.

කැටලෝනීයානු අර්බුදය.

ස්පාඤ්ඤයේ වෙනම රාජ්‍යයක් ඉල්ලා සිටි කැටලෝනියානු ඡන්ද දායකයන් අනපේක්ෂිත ලෙස වෙනස් වී ඇති බව පෙනෙන්නට ඇත. රජයට එරෙහිව කැරළි ගැසීම සම්බන්ධව චෝදනා ලැබ සිටින ඔරියොල් ජන්ක්වෙරාස් විසින් නායකත්වය දරන කැටලෝනීයානු වාමාංශික ජනරජ පක්ෂය ආසන 14කින් ජය ලබා ඇත. ඒත් සමග කැටලෝනියානු වාමාංශික ජනරජ පක්ෂය අගමැතිවරයාගේ පක්ෂය සමග එක් වීමට අපේක්ෂා කරයි.

කෙසේ වෙතත් පෙඩ්රෝ සැන්චේස් අගමැතිවරයා කැටලෝනියා ස්වාධීනත්වයට දැඩි සේ විරුද්ධ වූ අතර පසුගිය සිකුරාදා දින පැවති බාර්සිලෝනා රැළියේදීද ඔහු පවසා සිටියේ කැටලෝනියාවට ස්වාධීන පාලනයක් හෝ ඒ සදහා ජනමත විචාරණයක් හිමි නොවන බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි