×

ඇමරිකාවට එල්ල වූ සයිබර් ප්‍රහාරය පිටුපස සිටින්නේ රුසියාව ! – පොම්පියෝත් කියයි – න්‍යෂ්ටික ආයුධ කළමනාකරණ කාර්යාලයත් හැක් කරලා!

නවතම වාර්තාවලට අනුව මෙම සයිබර් ප්‍රහාරය එල්ල වීම ආරම්භ වී තිබෙන්නේ 2020 මාර්තු මාසයට ද පෙර සිට ය.


ඇමරිකානු රජය ඉතිහාසයේ මුහුණ දුන් නරකම සයිබර් කුමන්ත්‍රණ ප්‍රහාරය පිටුපස සිටින්නේ පැහැදිලිවම රුසියාව බව ට රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ද ප්‍රකාශ කරයි.

“We can say pretty clearly that it was the Russians that engaged in this activity,”

‘‘අපිට බොහොම පැහැදිලිව කියන්න පුළුවන්, රුසියානුවන් තමයි මේ ක්‍රියාවට සම්බන්ධ‘‘ යැයි පොම්පියෝ පැවසීය.

කෙසේ නමු්ත ජනාධිපති ට්‍රම්ප් ප්‍රහාරයේ බරපතලකම අවතක්සේරු කළේය. එනම් එය “පාලනය කර ඇති” බව පවසමින් රුසියාවේ භූමිකාව පිළිබඳව සැක පහළ කරමින්, චීන මැදිහත්වීම ගැන ඉඟි කළේය.

SolarWinds නමැති ඇමරිකානු (ටෙක්සාස්) සමාගමක් විසින් නිපදවූ මෘදුකාංගයක් ඉලක්ක කරගෙන මාර්තු මාසයටත් පෙර සිට සිදුකළ මෙම සයිබර් ප්‍රහාරය ගැන පසුගිය සතිය වන තෙක්ම හෙළිදරව් කරගැනීමට ඇමරිකාව අපොහොසත් විය.

සයිබර් ප්‍රහාරයට නතු වූ ඇමරිකානු ආයතන අතර න්‍යෂ්ටික ආයුධ කළමනාකරණය කරන කාර්යාලය ද වේ.

මේ අනුව හැකරුන්ගේ මූලික ඉලක්කය වී තිබෙන්නේ ඇමරිකාවේ ජාතික ආරක්ෂාව දුර්වල කිරීම බවට ද සැක පළ වේ.

මෙම සයිබර් ප්‍රහාරයට Sunburst යනුවෙන් නමක් දී ඇත. එයින් සිදුව ඇති හානිය සම්පූර්ණයෙන් අවබෝධ කර ගැනීමට වසර කිහිපයක් වුවත් ගතවීමට ඉඩ ඇති බව වාර්තාවේ.

SolarWinds Orion පරිගණක නෙට්වර්ක් සමාගම කර ඇති නිවේදනයට අනුව ඔවුන්ගේ පාරිභෝගිකයන් 300,000 අතරින් 18,000 දෙනා මෙම ප්‍රහාරයට ගොදුරු වී ඇත.

main photo: GETTY IMAGES

පෙර ලිපිය

ඇමරිකාවට දැවැන්ත සයිබර් ප්‍රහාරයක් – සැකය රුසියාව වෙතට

ඇමරිකාවට දැවැන්ත සයිබර් ප්‍රහාරයක් – සැකය රුසියාව වෙතට !



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි