×

බ්‍රිතාන්‍යයේ රත්‍රන් වැසිකිළියක් සොරාගෙන

වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 6ක්


වින්සන්ට් චර්චිල් උපන් නිවස වන බ්‍රිතාන්‍යයේ බ්ලේනම් මන්දිරයේ ප්‍රදර්ශනය කිරීම පිණිස රත්තරනින් නිර්මාණය කර තිබූ වැසිකිළි පද්ධතියක් කසිවෙක් විසින් සොරාගෙන ගොස් ඇතැයි වාර්ථා වේ.

ඉතාලි ජාතික චිත්‍ර ශිල්පියෙකු සේම මූර්ති ශිල්පියෙකු වන මෞරිසියෝ කැටිලාන් ගේ නිර්මාණයක් වන මෙම කැරට් 18 පිරිසිදු රත්‍රන් වලින් නිමවන ලද වැසිකිළි පෝච්චිය ඔහු විසින් නම් කරනු ලැබ තිබුණේ ‘ඇමෙරිකා’ නමිනි. මෙම වැසිකිලි පෝච්චිය මීට පෙර නිව්යෝර්ක් නගරයේ ගුගන්හයිම් කෞතුකාගාරයයේදී  මහජනයා වෙනුවෙන් ප්‍රදර්ශනය කෙරිණි.

මෙහි වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 6ක් වන අතර මෙය කිසිවෙකුටත් සොරකම් කිරීමේ පහසුවක් ඇති දෙයක් නොවන බව විවිධ ප්‍රකාශ නිකුත් වී තිබිණ.

මේ සම්බන්ධව සැකපිට 66 හැවිරිදි පුද්ගලයෙකු සෙනසුරාදා අත්අඩංගුවට ගනු ලැබීය

මෙම සොරකම සඳහා අඩුම තරමින් වාහන දෙකක් පමණ යොදා ගෙන ඇති බවට පොලීසිය සැක කරන අතර වැසිකිලි පෝච්චිය සොරුන් විසින් දිය කර රත්‍රන්ල බා ගනීවි යැයි අවධානමක් පවතින බව බ්ලේනම් මාලිගාවේ ප්‍රධාන විධායක නිළධාරියා පවසයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි