×

පළගැටියන් නිසා සෝමාලියාව හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය පසුගිය ජනවාරියේ අනතුරු අගවමින් කියා සිටියේ ජූනි මාසය වන විට අප්‍රිකානු කලාපය පුරා පළගැටියන් සංඛ්‍යාව 500 ගුණයකින් වර්ධනය විය හැකි බවයි.


 

නැගෙනහිර අප්‍රිකාව පුරා පළගැටියන් විශාල ප්‍රමාණයෙන් පැතිර යෑම හේතු කොට ගෙන සෝමාලියාව ජාතික හදිසි තත්ත්වයක් ප්‍රකාශයටක් පත් කරන ලදී. එරට කෘෂිකර්ම අමාත්‍යාංශය පවසන පරිදි වගා බිම් වල ඵලදාව අධික ලෙස ආහාරයට ගැනීම හේතුවෙන් එරට ආහාර සුරක්ෂිතතාවට විශාල තර්ජනයක් වී ඇති බවයි.
එළැඹෙන අප්‍රේල් මාසය ආරම්භ වීමට පෙර මෙම තත්ත්වය පාලනය කර ගත නොහැකි වුවහොත් අවධානම් තත්ත්වයක් ඇති විය හැකි බව එරට රජය පවසයි.

වසර 25කට පසු සෝමාලියාවේ සහ ඉතියෝපියාවේ දැකිය හැකි වූ විශාලතම පළගැටි ගහණය මෙය ලෙස එක්සත් ජාතීන් පවසයි.

එමෙන්ම එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) ට අනුව මෙවැනි පළගැටි තර්ජනයකට කෙන්යාව මුහුණ දී ඇත්තේ වසර 70කට පසුවයි. කෙසේ වෙතත් මෙම රටවල් අතරින් මුල්ම වතාවට හදිසි තත්ත්වයක් ප්‍රකිශයට පත් කළ කලාපයේ පළමු රට සොමාලියාවයි.

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය පසුගිය ජනවාරියේ අනතුරු අගවමින් කියා සිටියේ ජූනි මාසය වන විට අප්‍රිකානු කලාපය පුරා පළගැටියන් සංඛ්‍යාව 500 ගුණයකින් වර්ධනය විය හැකි බවයි. 2019 වසරේ අග භාගයේදී ඇද හැළුන අධික වර්ශාවෙන් පසු පළගැටි රංචු නැගෙනහිර අප්‍රිකාවට යේමනයේ සිට රතු මුහුද හරහා ව්‍යාප්ත විය.

පළඟැටියන්ට දිනකට කිලෝමීටර් 150 (සැතපුම් 93) දක්වා ගමන් කරන අතර සෑම වැඩිහිටි කෘමියෙකුටම දිනපතා ආහාර වේල සදහා තමන්ගේ බරට සමාන ආහාරයක් ගත හැකිය.

පසුගිය දෙසැම්බරයේ දී පළඟැටි රංචුවක් ඉතියෝපියාවේ මගී ගුවන් යානයකට බාධා කළ අතර. කෘමීන් නිසා යානයේ එන්ජිම, සුළං ආවරණ අබලන් වූ නමුත් ගුවන් යානය අගනුවර ඇඩිස් අබාබා වෙත ආරක්ෂිතව ගොඩ බැස්සවීමට සමත් විය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි