×

ඔසාමා බින් ලාඩන් ගේ පුත් හම්සා බින් ලාඩන් මිය ගිය බව ඇමරිකාව කියයි

.....


අල් කයිඩා සංවිධානයේ නායක ඔසාමා බින් ලාඩන්ගේ පුත් හම්සා බින් ලාඩන් මිය ගිය බවට ඇමරිකානු බුද්ධි අංශ වාර්ථා කර ඇත. නමුත් ඔහු මිය ගියේ කොහේ සිටදැයි හෝ ඔහු ගේ අනෙක් විස්තර තවමත් අනාවරණය කිරීමට ඔවුන්ට හැකියාවක් ලැබී නැති බව වාර්ථා වේ.

පසුගිය පෙබරවාරියේ ඇමරිකානු රජය විසින් නිවේනයක් නිකුත් කරමින් කියා සිටයේ හම්සා බින් ලාඩන් පිළිබදව නිවැරදි තොරතුරු ලබා දෙන්නෙකු හට ඇමරිකානු ඩොලර් මිලියනයක මුදලක් තෑගි කරන බවයි.

හම්සාගේ වයස අවුරුදු 30ක් බවට විශ්වාස කෙරෙන අතර ඇමරිකාව මෙන්ම තවත් රටවල් ගණනාවකට පහර දෙන්නට සූදානම් බව කියමින් ඔහු විසින් හඩ පට සහ වීඩියෝ දර්ශන නිකුත් කරනු ලැබීය.

මේ සම්බන්ධව මාධ්‍ය වේදීන් විසින් ඇමරිකානු ජනපතිවරයාගේන් අදහස් හා ප්‍රකාශයක් ඉල්ලා සිටියද ඔහු එසේ කිරීම ප්‍රතික්ෂේප කර ඇති අතර ඒ වෙනුවට ආරක්ෂක උපදේශක ජෝන් බෝල්ටන් විසින් උපදෙස් ලබා දී ඇත.

ඇමරිකා එක්සත් ජනපදය විසින් 2011 මැයි මස පකිස්ථානයේදී සිය පියා මරා දැමීමට එරෙහිව ජහාදය වෙනුවෙන් සටන් කළ හම්සා අරාබිකරයේ ජනතාවගෙන් ඉල්ලා සිට ඇත්තේද බටහිර ලෝකයට එරෙහිව සටන් ක යුතු බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි